ගිබට් හිල්
ඊළඟ මොහොතේ තවත් යමක් සිදුවිය. පසුපසින් පැමිණි කිසියම් අනාරාධිත දෑතක් විසින් කුරුසි බඳ වටා වෙලී තිබූ මගේ දැත ම අල්වා ගන්නා ලදී. එය තරමක් සිහින් වූ උණුසුම් තැනක් බව මට හැඟී ගිය ද එහි විශාල ශක්තියක් ගැබ් ව තිබූ බව මට වැටහුණේ මම ග්‍රහණය හමුවේ මා හට සෙලවීමටවත් නොහැකි වූ බැවිනි. තවත් කිසිවක් සිතා ගැනීමට ඉඩ නොතබමින් ලොම් වැනි මෘදු ද්‍රව්‍යකින් නිමවන ලද සැහැල්ලු රෙද්දකින් මගේ මුහුණ වැසී ගියේ ය. ඒ සමඟම තව දුරටත් මා කුරුසි ගලට තද කර තබමින් දෑත් මත වූ ග්‍රහණය තවත් වැඩි වූයේ ය. ග්‍රහණය කෙ තරම් දැඩි වුවාද කිවතොත් මට සෙලවීමට තබා කතා කිරීමට වත් නොහැකි විය. කළ හැකි දෙය වූයේ ඉදිරියේ සිදු වන දෙයට මුහුණ දීමට තරම් මා තුළ ශක්තිය ඇති කර ගැනීම ය. මගේ දෑත් පෙරට වඩා ග්‍රහණය දැඩි කර කටුව අසලින් ගැට ගසා තිබුණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.