Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිරග්ග සමජ්ජ

ගිරග්ග සමජ්ජ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සුරූපී තුසිතා යනු තෙවරක් විවාහ වී තෙවරක් කණවැන්දුම් වූ හොඳ පවුල් පසුබිමක් සහිත උගත් ගැමි කාන්තාවකි. මහත් අරුමයකට මෙන් ඇයට එකම පුද්ගලයා සමඟ දෙවරක්ම විවාහ වීමටද සිදුවිය. ඇගේ ප්‍රථම සැමියා වූ සිරිනන්ද මිය යන්නේ ඇය සමඟ ඔහු ජීවත් වූ දෙමහල් නව නිවස හා  ඉඩම ද ඇයට අහිමි කරමිනි. එහෙත් පූර්ව කුසලයක බලපෑමෙන් දෝ තුසිතාට තම තුන්වැනි සැමියා වූ හැරී මුතුකුඩ ගෙන් සියලු පහසුකම් සහිත වතු බංගලාවක්, විශාල වතු යායක් හා ලොකු ධනයක් ද හිමිවෙයි. ඇගේ දුවණිය මෙන්ම තුන්වැනි සැමියාගේ දුවණිය ද වෛද්‍යවරියන්ය. මේ අතර තුසිතා වෛද්‍ය උමා මුතුකුඩගේ කුඩම්මා වී, ඇය තම පුතාගේ බිරිඳ වී ඇගේ නැන්දනියද වේ. එහෙත් අවසානයේ දී තුසිතා තීරණය කරන්නේ ජීවිත රඟමඬලේ රඟන අර්ථ විරහිත හා නිස්සාර භූමිකා නිරූපණයෙන් වැළකී කෝලිත උපතිස්ස දෙමිතුරන් ගිරග්ග සමජ්ජ නරඹා දිවි කලකිරී නිවන් මඟට එළඹියා සේ තමන් ද දහම් මඟට නැඹුරු විය යුතුය කියාය.

ISBN
9789556864816
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිරග්ග සමජ්ජ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.