ගිරිකුළ
About this book
උපන් ගම්බිම්වලින් උඳුරා වෙනත් බිමක පැළ කරන ලද මිරිස් තවානක් බඳු වූ ගොවි ජනපදයක ගිනි අව්වත්, රළු පොළොවත් කඳුළු සුසුම් සහ නොසිතෙන දිරියත්, නොනිවෙන අනුරාගයත් පිළිබඳව ගෙතුනා වූ අපූරු අන්දරයකි, ගිරිකුළ
දිවිගිර තරණය කරන්නට නොකඩවා වෙහෙසෙන ගැහැනු මිනිසුන් අතරද ගිරිකුළක් සේම, සවිමත් හදවත් විදැයි විමසා බලන්නට ලේඛිකාව දැරූ ප්‍රයත්නයයි, ගිරිකුළ
අසූව දශකයේ අග භාගයේදී පුවත්පත් සහ සඟරාවල කවි පිටුව තුළින් පාඨකයන් හට මුල් වරට හමුවූ ශාන්ති දිසානායක. රිචඩ් - රාජිනි සමරු උළෙලේද ස්වාධීන සාහිත්‍ය උළෙලේද කවි කෙටිකතා සඳහා ජයග්‍රහණ ලබා ගත්තාය.
උතුරුමැද කලා උළෙලේ හොඳම නවකතාව ලෙස වසර අටක් මුළුල්ලේ ඇගේ නවකතා ඇගයීමට ලක් වූ අතර, 1998 ඩී. ආර්. ඩී. විජයවර්ධන සම්මානය ඇය විසින් රචිත වරාමල් අත් පිටපතට හිමි විය. වරාමල් නවකතාව 1999 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි කර ගත් අතර වරාමල් සේම අග්නි, හැන්දෑව, දේදුන්න, ගිරිකුළ ටෙලි නාට්‍යයට නැඟිණ. ගොඩගේ සම්මානයද, ස්වර්ණ පද්ම සම්මානයද හිමි කර ගත් සංග්‍රාමය "ධවල දූවිලි" චිත්‍රපටයට නැඟින. ඇයගේ පරඬැල් නම් වූ නවකතාව 2012 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහා නිර්දේශ වූවකි.

Details
ISBN
9789556716283
පිටු ගණන (Pages)
243
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review