ගොදුරු කරන්නා 2 - ආත්මයේ හෝරාව
රාත්‍රී සඳ එළිය වැටී තිබු පාළු පෙදෙසක වර බර ගාමින් කොළ පැගෙන අඩි ශබ්දයකි. මුළු පරිසරයම නිශ්ශබ්ද වූ වෙලාවක හඬක් නැඟුණේ ඉන් පමණකි. සඳ එළිය පැතිරි තිබු ස්ථානයකට යමකු පැමිණියේය. සඳ කිරණ ඔහුගේ ශරීරය මතට වැටීමෙන් ඔහුව යම් තරමක් පෙනෙන්නට විය. වැහැරී ගිය සිරුරකින් හෙබි ඔහුගේ හිස මුඩු කළාක් මෙන් තට්ටය පෑදී තිබුණේය. පසුපස හරවා සිටී ඔහු ඇඳ සිටියේ කළු ලෝගුවක් පමණකි. දෑත් දෙපසට දිගු කර මොහොතක් සිටී ඔහුගේ දිගු ලෝගුව සුළඟට ලෙළ දුන්නේ ගසාගෙන යන්නාක් මෙනි. එබැවින් ඔහු සිටියේ ලෝගුව හැර වෙනත් කිසිදු ඇඳුමකින් තොරව බව කිසිවකු එහි සිටියා නම් දකිනවා ඇත.
දැත් දෙපසටම විහිදවාගෙනම සිටි ඔහු මඳ වෙලාවකින් දෑත් ඉහළ පහළ කරමින් කුමක් දෝ කරන්නට පටන් ගත්තේය. පුදුමයකි... මෙතරම් වෙලා සුළගේ ලෙළ දුන් කළු, දිගු ලෝගුව අතුරුදහන්ව ඇත. ඒ වෙනුවට තිබුණේ තැන තැන ඉරි ගියාක් මෙන් වූ පියාපත් දෙකකි. ඒ පියාපත් දෙක විශාල වූ වවුලෙකුගේ පියාපත් දෙකක් මෙන් දිස් වූයේය.
"අහ්... ගිලාන්... මට උඹව හොඳට මතකයි. මම එනවා උඹව හොයාගෙන.”
ඔහු වියරුවෙන් හඬ දී හිස් අහස් කුසට පවසන්නට වුයේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.