හරභක්ෂා සහ තවත් කෙටි කතා
About this book
ඇය තනිකරම මරණයේ දියණියමයි. ඇය හිටියේ නිරුවතින්. ඇගේ කෙස් කලඹ බිම ගෑවෙන තරම් දිගටත් තිබුණා. ඇය එවෙලෙ හිටියේ අත් හතරෙන් දෙකක් ඉණට තියාගෙන, අනෙක් දෙක මිට මොළවාගෙන. මට පෙනෙන්න තිබුණු ඇගේ මුහුණ හරිම සුන්දරයි. නමුත් රෞද්‍ර බව උතුරා යනවා. එතකොටම ඇය සීමාව පනින්න උත්සාහ කරමින් පැත්තකට හැරෙද්දි මම දැක්කා ඇගේ පිටුපස.......
දෙවියනේ... මහ දෙවියනේ...
ඇයට හිස පිටුපසත් මුහුණක් තිබුණා. ඒ මුහුණ විස්තර කරන්න මට වචන නැහැ. මුළු ලෝකයේම තියෙන භයානක දේවල් හා රෞද්‍ර බව එක තැනකට කැටි කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ තමයි ඇගේ පිටුපස මුහුණ. ඒ මූණ තමයි වරින් වර විලාප දුන්නේ. ඒක මහ යක්ෂ විලාපයක් හරිස්චන්ද්‍ර......... මට අදත් ඇගේ විලාපය සිහිවෙනවා.
Details
ISBN
9786245572250
පිටු ගණන (Pages)
310
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ ඉතා අනර්ඝ කතා පෙලක්මේ පොත ගැන වචනයක් නොලියාම බැරිය. කෙටියෙන් කියමි... කතෘවරයා අති සාර්තකය
Write a review
Write a review