Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / හෙළදිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම)

හෙළදිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම)

About this book

1826 දී හමුදා සොල්දාදුවකු ලෙස සේවය කිරීමට බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණි ජොනතන් ෆෝබ්ස් පසුව සිවිල් සේවකයකු වශයෙන්, මාතලේ උප දිසාපතිවරයා ලෙස ද, දිස්ත්‍රික් නඩුකාරවරයා ලෙස ද සේවය කළේ ය. මෙලෙස ඔහු ලංකාවේ වසර එකළොහක් ගත කළේ ය. එකී කාල පරිච්ඡේදයේ දී ඔහු ලංකාවේ පුරාතන ඉතිහාසය පිළිබඳ ව මහත් උනන්දුවක් දැක් වූ අතර, ආදි කාලයේ නටබුන් සොයා රට පූරා සංචාරය කළේ ය. ඔහු මෙම සොයාබැලීම්වලින් ලබා ගත් තොරතුරු තව දුරටත් විමර්ශනයට ලක් කොට 1840 දී Eleven Years in Ceylon කෘතිය වෙළුම් දෙකක් වශයෙන් රචනා කෙරිණි. මෙම ග්‍රන්ථය ෆෝගේ දෙවැනි වෙළුමේ සිංහල පරිවර්තනය යි.

මොහු රට තුළ කරනු ලැබු සංචාරයන්හි විශේෂත්වය වන්නේ වනාන්තරයේ ගස්කොළන්වලින් වැසී තිබු ‘සීගිරිය’ පර්වතය සොයා ගැනීමට හැකි වීම යි. ඊට අමතරව වෙනත් අපූර්ව සංචාරක සටහන් ද මේ කෘතිය තුළ සටහන්ව තිබේ.

ලංකාවේ පුරාතන ඉතිහාසය කවරේ දැයි දැන ගැනීමට ආසාවෙන් සිටින්නෙකුට මෙය අපූර්ව ග්‍රන්ථයකි..

ISBN
9786245865659
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හෙළදිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.