හිතුමතේ ආදරේ
ත්රෛලෝකා ඉපදෙන්නේ 1949 එක්තරා දවසක... 1971 තරුණ කැරැල්ලත් එක්ක ඇගේ සරසවි ප්රේමයේ පැවැත්ම තීරණය වෙනවා. මව්බිම, විප්ලවය, ආදරය, දේශපාලනය එක්ක අපේ ජීවිත කතාව ලියවෙන්නේ අපිට ඕනි පිළිවෙළට නෙවෙයි, හිතුමතේට. කැරැල්ල නිසා හොස්ටල් එකේ වහලය මත ඇයට අහිමි වෙන ඔහුගේ ආදරය ඔහුගේ විප්ලවීය අදහස් ඇය තමන්ගේ ජීවිතය බවට පත් කර ගන්නවා. හැම දෙනාගෙම ජීවිත කතාවල අලුත් පරිච්ඡේදයක් 1980 වෙනකොට ලියවෙන්න පටන් අරගෙන ඉවරයි. අලුත් බලාපොරොත්තු, අලුත් ව්යාපාරිකයෝ, මහා වැඩවර්ජනවල බර ඒ ජීවිතවල හිස්තැන් පුරවාගෙන. ත්රෛලෝකාව ඇගේ අතීතය විසින්ම අරගලයේ සටන්කාරියක කරගෙන හමාරයි. ඒ නිසාවෙන්ම ඇගේ සිතුම් පැතුම්, බලාපොරොත්තු, ඇගේ ආදරයත් හිමිවීමකට එහා ගිය සටනක්. හිතුමතේ ආදරේ සෙවූ ඇය නූතනයේ විප්ලවීය මිත්තණියක්. ජීවිතේ කියන්නේ ආදර කතා එකක් නෙවෙයි, ආදර කතා ගොඩක්...!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.