හරිකේන් මකරා
"එයාව කෑලිවලට කපලා මාළුන්ට කන්න දාන්න." මුහුදු මංකොල්ලකාර රජු කෑ ගැසුවේය.
මුහුදු මංකොල්ලකරුවෝ ටොම් වටා රොක් වූහ. ටොම් තම කඩුව කරකවමින් පහර දෙන්නට වූයේය. කිසිවෙකුත් විදුලියක් මෙන් එහා මෙහා ඇදෙන කඩු පත ඉදිරියට එන්නට ධෛර්යමත් වූයේ නැත. ඔවුහු පස්සෙන් පස්සට යන්නට වූහ. හැඩි දැඩි ශරීරයක් සහිත මුහුදු මංකොල්ලකරුවෙක් බැරලයක් ඔසවා ඉන් ටොම්ට පහර එල්ල කළේය. ටොම්ට හැකි වූයේ පහත් වී හිස බේරා ගැනීමට පමණි. බැරලය ඔහුගේ හිසට ඉහළිත් ඇදී ගොස් නැවේ ගරාදි වැටේ ගැටිණ.
"වැඩකට නැති මෝඩයෝ." තම කඩුපත ඇදගෙන ඉදිරියට එන අතරම සැන්පෝ තමාගේ මිනිසුන්ට ගෙරවූයේය. "පැත්තකට වෙනවා මම මේ කරදරකාරයාව ඉවරයක්ම කරලා දාන්නම්" ඔහු ටොම් දෙස බලා පැවසුවේය. "ඔයාට මං එක්ක සටන් කරන්න පුළුවත්ද "
"ඔව්..." ටොම් පිළිතුරු දුන්නේය.
ඔහු නැව් තට්ටුවට පිවිසි අතර මුහුදු මංකොල්ලකරුවෝ ටොම් සහ මුහුදු මංකොල්ලකාර රජු වටා රවුමක් සේ සිට ගත්හ. එපමණක් නොව ඔවුහු බිහිසුණු රිද්මයකින් කෑ ගසන්නට වූහ.
"සැන්... පෝ... සැන්...පෝ සැන්...පෝ...."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.