හුස්මක් දුරින්
"ඒ වුණාට මං ඇරෙන්න වෙන කෙනෙක් ඔයාගේ හිතේ ඉන්නවට මං කැමති නෑ. මැරුණු කෙනෙක් වත්. ඊට වඩා හොදයි මං මැරෙනවා. ''
ඇය ඒ ටික කීවේ කවදාවත්ම නැති තරම් ආදරයකින් ය. ඒ වචන වලින් උතුරා ගියේ ඇගේ අයිතිය ය. නැවත කිසිම දවසක එහෙම දේවල් නොකර ඉන්නට ඔහු හිතා ගත්තේය.
'' එහෙම ම එයා එක්ක ඉන්න ඕන නම්, මට මැරෙන්න දෙන්න.."
ඇය ඔහුගේ ඇස් දෙක දෙස බලා ඇයැද සිටියාය.
" පිස්සුද මැණික.."
ඔහු ඇගේ හිස අතගෑවේ ය. ඉඹින්න ඕනා වුණත් ඇයව ඉඹින්න මෙතන බැරි ය. හෙදියක් කෙලවරේ පුටුවක වාඩි වී වරින් වර පැමිණ ඇගේ සේලයින් බෝතල් පිරික්සයි.
" එහෙනම් එහෙම කරේ.."
"ආයෙ එහෙම වෙන්නේ නෑ.. ආයේ මෙහෙම වෙන්ටත් බෑ හොදේ. ''
ඔහු ඇගේ ඇස් දෙක දෙස බලාගෙනම කීවේය. ඒ ඇස් වල තමා වෙනුවෙන් උතුරා යන ආදරයක් ඩෑන් දුටුවේය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.