හුස්මේ වෙලී
වෙනත් මුද්රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
“අර කාමරේ කවුද ඉන්නේ”
මෙතුල්‍යා විමසුවේ ඔවුන් පසුකරමින් ආ මිසරිගේ කාමරයට හා ගොනාෂ්ගේ කාමරයට මැදින් තිබෙනා කාමරය පිළිබඳවය.
එම පැනයට නන්දාවතී එක්වරම තිගැස්මකට බඳුන් වූ බව මෙතුල්‍යා දුටුවාය.
“මං හිතන්නේ මේ බංගලාව ඇතුළෙ නෝනා ඒ කාමරේ ගැන කිසිම දෙයක් කතා නොකර ඉන්න එක හොඳයි කියලා. කොටින්ම ඒ කාමරේට අපි කිසිම කෙනෙක් යන්නේ එන්නෙ නෑ. දැන් සෑහෙන කාලෙක ඉඳන් වහලමයි තියෙන්නේ. විශේෂයෙන් පොඩි අප්පෝ ඉස්සරහා නෝනා ඒ ගැන කතා නොකර ඉන්න. පොඩි අප්පො යකා වෙන්න ඊට වඩා දෙයක් ඕනේ නෑ. මං මේ නෝනගේ හොඳට කියන්නේ. තේරුණා නේද.”
මෙතුල්‍යා තරමක් කල්පනා කළාය.
“ම්ම්ම්… කමක් නෑ නැන්දේ මං නිකමට ඇහුවේ. එතකොට මිසරි බබාගේ අම්මා. නැන්දා එයාව.”
“අම්මෝ.. කට කට නෝනා. මේ බංගලාව ඇතුළේ ඒ දේවල් කිසිම කෙනෙක්ට කතා කරන්න තහනම්. විශේෂයෙන්ම සුදු බේබි ඉස්සරහා. අතීතේ කිසිම දෙයක් ආපහු මතක් කරන්නවත් හාරා අවුස්සන්නවත් ඕනේ නෑ නෝනා. නෝනා මෙහෙට ආපු කාරණේ මොකක්ද කියලා දැනගෙන ඒ විදිහට වැඩ කළා නම් හරි. අනවශ්‍ය දේවල් අහන්න කතා කරන්න ගිහින් ප්‍රශ්න ඇති කරගන්න එපා. මං මෙහෙම කියන්නේ බොහොම හිතවත්කමට. නෝනා මට නැන්දේ කියලා කතා කරපු නිසා. ඇත්තමයි මේ බංගලාවට ආවත් හරි නෝනා වගේ ලෙංගතුව මට කවුරුවත් කතා කරලා නෑ. ඒක මගේ හිතට හුඟක් දැනුණා. මං ඒ හිංදා නෝනාට මේ දේවල් කීවේ. තේරුණා නේද..”
Details
ISBN
9786245409204
පිටු ගණන (Pages)
380
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review