හුස්මේ වෙලී

Special Price රු. 684.00 Regular Price රු. 760.00
Out of stock
SKU
husme-weli-ashi-jayathilake-thara-prakashana
Author ආශි ජයතිලක - Ashi Jayathilake (20)
Publisher තාරා ප්‍රකාශන - Thara Prakashana (105)
“අර කාමරේ කවුද ඉන්නේ” මෙතුල්‍යා විමසුවේ ඔවුන් පසුකරමින් ආ මිසරිගේ කාමරයට හා ගොනාෂ්ගේ කාමරයට මැදින් තිබෙනා කාමරය පිළිබඳවය. එම පැනයට නන්දාවතී එක්වරම තිගැස්මකට බඳුන් වූ බව මෙතුල්‍යා දුටුවාය. “මං හිතන්නේ මේ බංගලාව ඇතුළෙ නෝනා ඒ කාමරේ ගැන කිසිම දෙයක් කතා නොකර ඉන්න එක හොඳයි කියලා. කොටින්ම ඒ කාමරේට අපි කිසිම කෙනෙක් යන්නේ එන්නෙ නෑ. දැන් සෑහෙන කාලෙක ඉඳන් වහලමයි තියෙන්නේ. විශේෂයෙන් පොඩි අප්පෝ ඉස්සරහා නෝනා ඒ ගැන කතා නොකර ඉන්න. පොඩි අප්පො යකා වෙන්න ඊට වඩා දෙයක් ඕනේ නෑ. මං මේ නෝනගේ හොඳට කියන්නේ. තේරුණා නේද.” මෙතුල්‍යා තරමක් කල්පනා කළාය. “ම්ම්ම්… කමක් නෑ නැන්දේ මං නිකමට ඇහුවේ. එතකොට මිසරි බබාගේ අම්මා. නැන්දා එයාව.” “අම්මෝ.. කට කට නෝනා. මේ බංගලාව ඇතුළේ ඒ දේවල් කිසිම කෙනෙක්ට කතා කරන්න තහනම්. විශේෂයෙන්ම සුදු බේබි ඉස්සරහා. අතීතේ කිසිම දෙයක් ආපහු මතක් කරන්නවත් හාරා අවුස්සන්නවත් ඕනේ නෑ නෝනා. නෝනා මෙහෙට ආපු කාරණේ මොකක්ද කියලා දැනගෙන ඒ විදිහට වැඩ කළා නම් හරි. අනවශ්‍ය දේවල් අහන්න කතා කරන්න ගිහින් ප්‍රශ්න ඇති කරගන්න එපා. මං මෙහෙම කියන්නේ බොහොම හිතවත්කමට. නෝනා මට නැන්දේ කියලා කතා කරපු නිසා. ඇත්තමයි මේ බංගලාවට ආවත් හරි නෝනා වගේ ලෙංගතුව මට කවුරුවත් කතා කරලා නෑ. ඒක මගේ හිතට හුඟක් දැනුණා. මං ඒ හිංදා නෝනාට මේ දේවල් කීවේ. තේරුණා නේද..”
More Information
ISBN 9786245409204
පිටු ගණන 380
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හුස්මේ වෙලී
Back to Top