ඉහිරුණු දිය
'ලොකු තාත්තා මා වෙළඳ පොළට රැගෙන ගොස් විකුණන තුරු මම මගේ පුංචි මල්ලිට ආදරය කළෙමි. ඔහු දියේ දිස්න දෙන දීප්තිමත් ගල් කැටය විය, අහසේ බබළන තරුව විය. ලොකු තාත්තා මා වෙළඳ පොළට රැගෙන ගොස් විකුණන තුරු එසේ විය. ඉන් පසු මම ඔහුට වෛර කළෙමි.'
සිය සැමියා ගේ මරණයෙන් පසු ණය තුරුස් පියවා ගැනීමට නො හැකි ව අසරණ වන ලූ සි-යාන් ගේ අම්මාට ඈ ව නිවසින් පිටමං කරන්නට සිදු වෙයි. ඇගේ ලොකු තාත්තා ඈ ව පොහොසත් පවුලකට විකුණයි. ඔවුන් ගේ පුතා සමඟ විවාහ වීමට සුදුසු වයස එන තුරු ලූ සි-යාන් ඔවුන් ගේ සේවිකාව ලෙස වැඩ කළ යුතු ය. එහෙත් නැවත සිය අම්මා වෙත යාම සඳහා ඒ නිවසින් පැන යන ඇය තවත් භයානක අත්දැකීමකට මුහුණ දෙයි.
නිර්භීත චීන දැරියක ප්‍රධාන කොට ගෙන සැලී ග්‍රින්ඩ්ලි විසින් ලියන ලද Spilled Water මෑත කාලයේ විශේෂයෙන් ම යොවුන් පාඨකයින් වෙනුවෙන් ලියැවුණු විශිෂ්ට කතා තේමාවකින් යුතු ඉතා අරුත්බර කෘතියක් ලෙස සැලකේ.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.