ඉරණම ඔබේ නමට ලියා
''දන්නවද මං ගෑනියෙක් ළඟ මේ තරම් කවදාවත් ඉවසාගෙන ඉඳලා නෑ. එහෙම ඉන්න ඕන උනෙත් නෑ. ඒත් අද තමුසේ ළඟ මං මහ පුදුම විදියට ඉවසනවා මටම පුදුමයි මං තමුසේ ඉස්සරහ ඉවසන තරමට, මගේ කේන්තියෙන් අංශුවක් දරාගන්න තමුසෙට බෑ . කෑ ගැහුවට මම ඒක නිසා මීට පස්සෙ වත් මාව මේවගේ අවුස්සන්නැතුව ඉන්නවා ඒක තමුසෙටම හොඳයි. එහෙම නැති උනොත් වෙන දේවල් වලට මං වගකියන්නේ නෑ. ඕකේ...! - ඇමති මහීර් දිග්දෙණිය
“මං කියන ඕනම දෙයක් කරනවද..........! "මං ඇසුවේ හිස මදක් ඔසවා ඔහු දෙස බලාය.. ඔහු හිස හරි ඉක්මනින් සෙලවූයේ මා කියූවට එකඟ වීය.
"ඔය අත් දෙකෙන් ම මාව මරලා දාන්න.... දැන් මං කොහොමත් ජීවත් වෙලා වැඩක් නෑ. ගන්න තියෙන දේවල් අරන් ඉවරයිනේ. කොහොමත් තමුසේ මාව හාගෙට මරලා තියෙන්නේ දැන් මේ පපුවේ පොඩ්ඩක් පණ ගැහෙනවා විතරයි ......... ! මා කියද්දී ඔහු මාවෙතින් අඩියක් පස්සට වීසි වී ගියේය. - තුනුවි අහස්‍යා වික්‍රමබාහු
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.