යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. "ඔය ප්‍රශ්න හරි බැරෑරුම් ප්‍රශ්නයක් කෙල්ල...” ඔහුගේ හඬෙහි වූයේ වෙනස්ම රිද්මයකි. "ඇයි සර් එහෙම කියන්නේ...... කොච්චර චූටි ප්‍රශ්නයක්ද මම ඇහුවේ....” යසිරුගේ මුවින් ගිලිහුණේ දිගු සුසුමකි. වචන වලට පෙරළිය නොහැකි හැගීම් කෝටියකට එහා ඔහුගේ හදවතේ දඟලමින් තිබිණි.
"චූටි නෑ ඒ ප්‍රශ්න.. ඒ ප්‍රශ්න ගොඩක් ලොකු ප්‍රශ්නයක්...”
"ඒකනෙ මං මේ සර්ගෙන් අහන්නෙ... මං අහපු ප්‍රග්නෙට එච්චර ලොකු ප්‍රශ්නයක් කියන්නෙ ඇයි කියලා...”
යසිරු අශාරවීගේ දෑසට දෑස එල්ලකොට බැලුවේ ය. ඔහුගේ දෑස පළිඟු මෙන් දිදුලමින් තිබිණි. "ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක් අහනවා ශාරි... මං මොනවටද ආස කියලා....මට මොනවද ඕන කියලා... මං කැමති මොනවටද කියලා..."
යසිරුගේ ස්වරය කම්පනය වෙමින් තිබිණි. ඔහුට ඒ මොහොත දරා ගැනීමට පහසු වූයේ නැත.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.