ඉස්කෝලෙ කාලේ
"මේ ළමයට තේරෙන්නෙ නෑ.... මේ ළමයට තේරෙන්නෙ නෑ.... මේ කාව්‍ය ශාස්ත්‍රය කියන එක ළමයා හරියට ප්‍රගුණ කරන්න ඕනෙ.... දන්නව ද? මට කවි සාස්තරේ පිහිටියේ මං පොඩි කාලෙ අපේ අම්මා මගේ දිවේ සරස්වතී තෙල් ගෑව නිසයි..." කවිකාරයා උජාරු බැල්මක් මා දෙස හෙළුවේය. "....මේ ළමය සරස්වතී තෙල් බීලා තියෙනවද...?"
මම කල්පනා කළෙමි. සරස්වතී තෙල් නම් අපේ ගෙදර තිබුණ බවක් මට මතක නැත. කැටවල තෙල් කියා ජාතියක් නම් තිබෙන නමුත් ඒ තෙල් ගාන්නේ අප අතපය තුවාල කරගත් විටය. ඒවා බොන්නේ නැත. ඒත් ඉතින් මේ මිනිහාට දෙවෙනි වන්නට මගේ සිත මට ඉඩ නොදෙයි.
"මම මෝර තෙල් බීලා තියෙනවා...." මම ජයග්‍රාහී ලෙස කීවෙමි.
"මෝර තෙල්.....???" මගේ උත්තරයෙන් කවිකාරයා කරකැවී ගියේ ය.
"ඔව් මෝර තෙල්.... ඒවා බිව්වහම කකුල් වල කොරපොතු එන්නෙ නැහැයි කියලා අම්මා කිව්වා...."
"මෝර තෙල්.... හුහ්...." කවිකාරයා කෑගැසුවේ ය. "...මෝර තෙල් බීලද කවි කියන්න පුරුදු වුණේ....."
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.