Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉවුරෙන් එහා

ඉවුරෙන් එහා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book
මං කතා කරේ නෑ කියලා හිතාගෙන රණ්ඩුවක් අල්ලන්න වෙන්නැති මේ ආවෙ ඔහු පොඩි එකෙකු මෙන් හඬ නඟා සිනාසෙන්නට වුයේ මගේ කන අල්ලා ගන්නට ගත් උත්සාහය වැරදුණ පසුය. තවදුරටත් මා ඔහුගේ හිම මිනිසා සෑදීමට සහාය නොදෙන බව තේරුම් ගත් මනෙත් නැඟිට අම්මා හා තාත්තා අසලට දුව ගියේ එවිටය. ''කවුද ඒ බබා'' ''අර ඔයා මට හොයලා දීලා ගිය යාළුවාගෙ පුතා. යමුකො ඉස්සෙල්ලා එයාලට ඔයාව අඳුන්වලා දෙන්න'' ''ඊට පස්සෙ එනවද මාත් එක්ක උණු උණු තොම්යම් එකක් බොන්න යන්න'' මා හිම ගොඩෙන් නැඟිට්ටේ හිස දෙපසට සොලවා ඔහුට එකඟතාව පළ කරමිනි. වෙනදා මෙන්ම මගේ ප්‍රතිචාරයට සිනාසුණ ඔහු නැවේ හිටිය දවස් ටිකේ තොම්යම්වලටත් වඩා මට ඔය ඔළුව පැද්දිල්ල මතක් වුණා කියමින් බිමට අත තබා නැඟිට්ටේය. ඒ හිම වැටෙන උදෑසනේ පවා මගේ කම්මුල් රත් වෙනු මට දැනුණද ඔහුට එහි වෙනසක් නොදැනෙන්නට ඇත.
ISBN
9786240002950
පිටු ගණන (Pages)
367
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Nelka
    ඉවුරෙන් එහා
    Chamini ·
Write a review

You're reviewing: ඉවුරෙන් එහා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.