Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ජනකාන්ත මිත්‍යා මත
About this book

ශ්‍රී ලංකාවේ විවිධ සාහිත්‍ය ධාරා අතර, ශාස්ත්‍රීය ධාරා අතර, සමාජ න්‍යායාත්මක කෘතීන් අතර හේතුවාදී සාහිත්‍යයය ඉතා පටු හා දිගු ඉතිහාසයක් නැති එකකි. හේතුවාදී කතිකාව ආශ්‍රිත තේමාවන් ප්‍රස්තුත පදනම් කර ගනිමින් ලියැවී ඇති පර්යේෂණාත්මක නිබන්ධන හැරුණු කොට පාඨකයා අතට පත් වූ ගවේෂණාත්මක කෘතීන් මෑතක් දක්වාම දක්නට නොලැබුණි.

ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් විසින් ඉංග්‍රීසි බසින් ලියන ලදුව සිංහලයට පරිවර්තනය වූ කෘතීන්වලින් අනතුරුව පාඨකයා අතට පත් ප්‍රථම සිංහල හේතුවාදී ගවේෂණ කෘතිය වශයෙන් තිලක් සේනාසිංහයන් ලියූ “ජනකාන්ත මිථ්‍යා මත” හැඳින්විය හැක්කේ එබැවිනි.

දේශපාලනය, ජනමාධ්‍ය අධ්‍යාපනය ආදී ලංකා රාජ්‍යයේ බලපෑම් සහගත ආයතන තුළ පවා විවිධාකාර මිථ්‍යාවන් ශීඝ්‍රයෙන් තහවුරු වන මෙවන් යුගයක, මෙම කෘතියේ යාවත්කාලීන සංස්කරණයක් එළිදැක්වීම අතිශය ප්‍රශස්ත, කාලෝචිත පියවරක් බවට සැක නැත.

තාරක වරාපිටිය

ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

ISBN
9789555731959
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජනකාන්ත මිත්‍යා මත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.