Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ගින්දර - ගින්දර භාවිතයේ ජනශ්‍රැතිමය පසුබිම
About this book

ගින්දර, භාවිතයට ගැනීම මානව ශිෂ්ටාචාරයේ නව ආරම්භයකි. එමගින් ආහාර පිසීම මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය නවමු මුහුණුවරක් ගත්තේ ය. ගින්දර මේච්චල් කිරීමෙන්; නිෂ්පාදන සංස්කෘතිය හා කලා සංස්කෘතිය යෝධ පිම්මක් පැන්නේ ය. පරපුරින් පරපුර ගින්දර වටා ගොඩනැඟූ අභිලාෂයෝ බොහෝ වෙත්. ඒවා සංස්කෘතියෙන් සංස්කෘතියට අනුරූප වශයෙන් ද වෙනස් වෙයි.

ලාංකේය සමාජයේ ගින්දර හා බැඳි භාවිතාවන් සේම ජනශ්‍රැති ද වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. හේන් ගිනි ලාපිළිස්සීමට පෙර "ගිනියාතිකාව" තියන්නේ ද බක්මහ කෝණමංගල්ලයට “ලිප්ගිනි මොළවා" ගෞරව දක්වන්නේ ද බෞද්ධ ඌරුවට ය. ගිනි දෙවියකු සේ අදහන්නේ නැති හෙළ සංස්කෘතියෙහි ගින්නට පුද සත්කාර කරනුයේ ද අස්පර්ශනීය උරුමයක් ලෙසිනි. අප්‍රමාණ වූ හෙළ ගිහි භාවිතාවන් පිළිබඳ ව සජිත් රාමනායකගේ පර්යේෂණ ඇස යොමුවීම සොම්නසට හේතුවකි. 

මෙරට ගින්දර හා බැඳි ජන සංස්කෘතිය පිළිබඳ මූලාශ්‍ර අධ්‍යයනයක් මෙයින් සිදු කෙරෙයි. එමගින් අස්පර්ශනීය ජන උරුමයක වංහුං හඳුනාගැනීමට පාඨක ලොවට හැකි වේ. සරින්ගේ, රාම සැරයක් බඳු මේ ගින්දර පුළිඟුවෙන් මතු පරම්පරායේ පර්යේෂණකාමී ප්‍රදීපයන් දැල්වීමට හේතුවාසනා උදාවන බව නිසැක ය. 

මහින්ද කුමාර දළුපොත

ජනශ්‍රැතිවේදී

ISBN
9789556564938
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගින්දර - ගින්දර භාවිතයේ ජනශ්‍රැතිමය පසුබිම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.