ජීවක කුලයක්

Special Price රු. 416.50 Regular Price රු. 490.00
Out of stock
SKU
jeevaka-kulayak-uparathana-thero-sooriya

දේශජ කලාත්මක නවකථා සඳහා උචිත වස්තු විෂය සිංහල ගැමි සමාජයෙන් තවම බැහැර වී නැත. කාලීන සිදුවීම් නවකථාවනට විෂය වස්තු කර ගැනීම දුෂ්කර නැත. එය චිරන්තන යථාර්ථවාදී කෘතියක් බවට පත් කිරීම දුෂ්කර වූවකි. ජීවක කුලයක් නම් වූ නවකථාව මෙම දුෂ්කරතාව ජයගෙන ඇත. 

වීරපොකුණේ උපරතන හිමියෝ මේ නවකථාව කෙරෙන් සැබෑ ගැමියන්ගේ ජීවිතය පිළිබඳව තමන් වහන්සේ ලත් ගැඹුරු අනුභූතියත් බෞද්ධ දර්ශනයෙන් ලත් සංවරයත් මුසු කළ ප්‍රතිභාවක්ම ප්‍රකට කරති. කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන්නේ එබැවිනි. නියත වශයෙන්ම ජීවක කුලයක් වූ කලී අතුරුදන් වූ සමීප ඥාතියෙකු පිළිබඳ ශෝකී ස්වරය දනවන සියුම් භාව ගීතයක් වැන්න. (සිළුමිණ) 

කොත්මලේ - පණ්ඩිත කේ. බී. ඒ. එඩ්මන්ඩ්

Author වීරපොකුණේ උපරතන හිමි - Weerapokune Uparathana Himi (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (443)
More Information
ISBN 9789556564242
පිටු ගණන 245
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ජීවක කුලයක්
Back to Top