කඩදාසි බෝට්ටුවක මරණය
දශක දෙකකටත් වැඩි කාලයක් දෙමළ කවිය තුළ තම අනන්‍යතාව සහතික කරමින් සිටින කවියකු වන පාක්කියනාදන් අහිලන්ගේ කවි කීපයක් සිංහල බසට පරිවර්තනය වී පුවත්පත් සහ සඟරා ආදියෙහි පළ වී ඇතත් ඔහුගේ කාව්‍ය සංග්‍රහයක් පළමු වරට සිංහල බසින් පළ වන අවස්ථාව ලෙසින් මෙම කෘතිය වැදගත් ය.
සංකල්පරූප මැවීමේදීත්, කාව්‍යකරණයේ දී දෙමළ භාෂාව හැසිරවීමේදීත් පාක්කියනාදන් අහිලන් කවියා දක්වන සුහුරු බව නිසා ම ඔහුගේ කවි සමස්ත දෙමළ කාව්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂතාවක් හිමි කරගනියි. එය ම ඔහුගේ කවි අන් බසකට පරිවර්තනය කිරීමේ දී මහත් අභියෝගයක් බවට පත් වෙයි. සිංහල බසින් මෙම කවි එකතුව කියවන පාඨක ප්‍රජාව එම අභියෝගය තේරුම්ගනු ඇතැයි සිතමි.
විටින් විට කියවිය යුතු වූ, කියවූ පසු මඳ විරාමයක් ලබා දිය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙසින් හැඳින්විය හැකි මෙම කවි සිතෙහි විටින් විට මතු වී වේදිතයන් අවුළුවන රූපමය ගුණයෙන් යුතු ය. එහෙයින් මෙය සිංහල බසට දායාද කෙරෙන තවත් වැදගත් දෙමළ කවියකුගේ නිර්මාණ දෝතක් ලෙසින් සඳහන් කිරීම වටී.
සාමිනාදන් විමල්,
වාග්විද්‍යා සහ ඉංග්‍රීසි අධ්‍යයනාංශය,
යාපනය විශ්වවිද්‍යාලය, යාපනය.
පරිවර්තනය කිරීම යනු සාක්ෂි දැරීම යි; සහයෝගීතාව ප්‍රකාශ කිරීම යි. ඉංග්‍රීසි පරිවර්තනය පාලමක් සේ යොදාගනිමින් සිංහල භාෂාවට පෙරළන ලද අහිලන්ගේ කවි යටත්වීජිත උරුමයන් අභියෝගයට ලක් කරයි. මේ පොතෙහි එන කවි දිවයිනේ භාෂා තුන නියෝජනය කරන සුවිශේෂ මගක් ඔස්සේ ගමන් කරමින්, සුව නොවූණු ක්ෂතීන්ගේ ප්‍රචණ්ඩත්වය සහ වේදනාව හඳුනාගැනීමටත් ඒ ගැන මෙනෙහි කිරීමටත් ආරාධනා කරයි.
ගීතා සුකුමාරන්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.