කඳවුරක සෙවනේ
කිසියම් පුද්ගලයෙකුට විශ්වවිද්යාලයට ඇතුළත් වීමෙන් ලැබෙන අධ්යාපනික අත්දැකීම වඩාත් අර්ථවත් වන්නේ රටේ සතර දෙසින් පැමිණෙන විවිධාකාර ශිෂ්ය ප්රජාව සමග වසර තුනක් හෝ හතරක් ගත කිරීමට ලැබෙන ‘ජීවිත අත්දැකීම් බෙදා-හදා ගැනීමේ අපූර්ව අවස්ථාව’ නිසා බව එක්විටම හැඟී යයි. මෙම අර්ථ ගැන්වීම පරිපාකයට පත් වන්නේ ‘විශ්වවිද්යාල ජීවිතය’ පාදක කරගෙන බිහි කෙරෙන නිර්මාණාත්මක සාහිත්යය මගිනි.
හරීන්ද්රනාත් චන්ද්රසිරි පාසල් සමයේ සිටම ලේඛන කටයුතුවල යෙදී ඒ පිළිබඳ මනා පරිචයක් ඇත්තෙකි. කැස්බෑවේ සෝමවීර චන්ද්රසිරි කවියාගේ මුනුබුරෙකු ලෙස නිර්මාණාත්මක සාහිත්ය ක්ෂේත්රය තුළ තම උරුමය ඉදිරියට ගෙන යන්නට වැර වෑයම් කරමින් සිය සරසවි සගයන්ද ඒ වෙත පොළඹවා ගනිමින් වෙහෙසුණු ආකාරය අදද මගේ මතකයට නැගෙයි. එදා සිට වර්තමානය දක්වාම ඔහුගේ සාහිත්ය නිර්මාණ චාරිකාව කවිය, ගීතය, කෙටිකතාව, නවකතාව, නාට්යය ඈ වශයෙන් සමාප්ත කිරීමට ඔහු සමත් වී ඇති ආකාරය සතුටට හේතුවකි.
මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත්තේ විෂය කේන්ද්රීය අධ්යාපනයෙන් බැහැර වෙමින් සමාජ, දේශපාලනික හේතු මත කොන් වී කිසිවකුගේ අවධානයට හසු නොවු ගම්මානයක වෙසෙන මනුෂ්ය ප්රාණීන් කොටසකගේ සමාජ-ආධ්යාත්මික ජීවිතය නගා සිටුවනු වස් විශ්වවිද්යාල ඇදුරන් සහ සිසුන් එක්ව සංවිධානය කෙරුණු ‘තරුණ කඳවුරක’ සිය ආත්මීය මෙහෙවර ඉටු කරන යොවුන් පිරිසකගේ ජීවිත පිළිබඳව දැක්වෙන ආත්මීය විවරණයකි.
චීනෙත්න ජ්යෙෂ්ඨ මහාචාර්ය උපූල් රංජිත් හේවාවිතානගමගේ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.