Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඳුළු මාලිගා

කඳුළු මාලිගා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
‍"ඉන්න" "මා මෙතැනි සිටිනවා. මගේ අර්ජුමාන් ඇයි මේ?" "නින්ද." ඇය මිමිනුවාය. "මා ඉක්මනින්ම නින්දට යා යුතුයි. මා ළඟින්ම ඉන්න." අධිරාජ්‍යයා ඇගේ නළලත සිප ගත්තේය. "හීනයක් වගේ... ඔව්... හීනයක් වගේ ඔබේ මුහුණත් මට බොඳ වී පෙනෙනවා." "සන්සුන් වන්න..." අධිරාජ්‍යයා ඇගේ දෑත තදින් අල්ලා ගන්නා අතරතුර අණ කළේ වහා වෙදැදුරු කැඳවන ලෙසිනි. "මගේ ප්‍රේමවන්තය, ඉතා තද නිදිමතක් මට දැනෙනවා. ඒ් නින්දට නොවැටී මට වැඩි වෙලාවක් මෙසේ ඉන්නට බැහැ." ඔහුගේ හුස්ම තම මුහුණට වැදීම පවා අර්ජුමාන්ට සුවයක් වුයේය. "ඔබ මට පොරොන්දුවක් විය යූතුයි." "ඔබ ඉල්ලා සිටින කුමක් වුවත් මගේ ආදරිය." ෂා ජහාන් අධිරාජ්‍යයාගේ දෙනෙතින් ගලා ගිය කඳුළු කැට ඔහුගේ කම්මුල් හරහා පහළට රූටා ඇගේ ගෙල පෙදෙස තෙත කළේය. ඇය ඔහුගේ දෙනෙත් පිසලන්නට උත්සාහ දැරූවද තම දෑත් සොලවන්නට ඇයට අසීරු වුයේය. "මගේ ආදරණීය ෂා ජහාන්. නැවත විවාහවන්න එපා. මට පොරොන්දු වන්න. නැවත විවාහ වුව‌හොත් මගේ පුතුන් ඇගේ පුතුන් හා සටන් කරාවී. මෝගල් අධිරාජ්‍යය රුධිරයෙන් නැහැවී යාවි... දරුවන් සියලුදෙනාට එකිනෙකාට ආදරය කරන්න උගන්වන්න.ඔවුන් සියලු දෙනාට සමව සලකන්න." "මම පොරොන්දු වෙනවා." "ඒ් වගේම පොරොන්දු වන්න..." දිගු නින්දට වැටෙන්නට පෙර සදාකාලිකව තම හදවතට සහනය ළඟා කරවන වචන පෙළක් ෂා ජහාන් අධිරාජය්‍යාගේ මුවින් අසා ගන්නට ඇයට අවශ්‍යව තිබිණි.... "මේ අර්ජුමාන් කවදාවත් ම අමතක කරන්නේ නැහැ කියා." "නැහැ කවදාවත්ම කවදාවත්ම අමතක කරන්නේ නැහැ." සිය මුහුණ කඳුළින් තෙමී යද්දී ෂා ජහාන් අධිරාජය්‍යා තම මුහුණ නැඹුරු කොට ඇගේ දෙතොල් සිප ගත්තේය. ජීවිත කාලය පුරා එක මෙක හදවතකට ප්‍රේම කළ ආදරවන්තියගේ අවසන් සුසුම් පොද තම ප්‍රේමවන්තයාගේ හාදුව සමඟ එකතු වුයේය.
ISBN
9789553310903
පිටු ගණන (Pages)
310
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කඳුළු මාලිගා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.