කාලය, අවකාශය තුළ මාක්ස්වාදය
විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ක්‍රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවධ ප්‍රකාර අනුව විශ්වයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳ ව පැනෙන නිරන්තර ක්‍රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප්‍රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය. පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප්‍රභින්න වූ විෂය ලෝකය ප්‍රතිෂ්ඨා රහිත ව අවබෝධයට හසු නොවේ. වාස්තවික ක්‍රියා සන්නතිය ව්‍යාප්තිය මගින් ප්‍රතිමූර්ථ වේ. ව්‍යාප්තිය නිසා දිග - පළලින් සහ උස මහතින් විවිධ ආකෘති ගන්නා ක්‍රියා සන්තතිය රූප වශයෙන් අපගේ ඇසට හසු වේ. මෙම ව්‍යාප්තිය පිළිබඳ ව අනුභූතිය අවකාශය නමින් අපි හඳුන්වමු. අවකාශය වනාහි විශ්වය පිළිබඳ ව අවබෝධයට පිහිටවන මූලික චිත්තප්‍රකාර වලින් පළමුවැන්නයි.
එසේ ම අවකාශයෙහි ව්‍යාප්ත වන වාස්තවික ක්‍රියා සන්තතිය පිළිබඳ ව ප්‍රවෘත්තියක් ද විද්‍යාමාන වන්නේ ය. ප්‍රවෘත්තිය හෙවත් පැවැත්ම පිළිබඳ අනුභූතිය කාලය යනුවෙන් හඳින්වේ. ඒ අනුව අවකාශය තුළ පැතිරෙන ක්‍රියා කාලය මගින්, පවතින බව කිව හැකි ය. මේ අනුව බලන විට විෂය ලෝකයේ අවබෝධයට පිහිටවන මූලික ප්‍රතිෂ්ඨා දෙක වන්නේ කාලය හා අවකාශයයි.
අවකාශය තුළ පැතිරෙමින් සහ කාලය තුළ පැවතීමෙන් විද්‍යමාන වන පුද්ගල, වස්තු සහ සිද්ධි නිබඳ ව, නිරන්තර ව වෙනසකට භාජන වේ. අනිත්‍යය යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. මේ අනුව මාක්ස්වාදය හෝ වෙනයම් දර්ශනයක් හෝ විද්‍යාවක් හෝ සදාකාලික වන්නේ කෙසේ ද? චමිල් ජයනෙත්ති තම කෘතිය මගින් උත්සාහ ගෙන ඇත්තේ මෙම ප්‍රශ්නය පිළිබඳ ව භෞතිකවාදී සමාජ විද්‍යාත්මක විග්‍රහයක යෙදීමයි. ඔහුගේ උත්සාහය සිත්ගන්නා ශාස්ත්‍රීය ව්‍යායාමයක් බව කියනු කැමැත්තෙමි.
මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න - හිටපු දර්ශන මහාචාර්ය - කැලණිය විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.