Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කලෙක ඔවුහු ද මිනිසුන්ව සිටියෝ ය

කලෙක ඔවුහු ද මිනිසුන්ව සිටියෝ ය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ළමා වියෙහි දී සමාජයේ පත්ලෙහි තැළෙමින් දුකම අනුභව කළ ද ඒ දුක පරයා අප්‍රමාණ වූ මානව දයාවෙන් ඉහළටම නැඟි ලේඛකයා ඔහු ය. සමාජයෙන් අනන්ත වූ පරිභවයන්, වෙනස්කම් ලද ද ඒ සියල්ලම වෙනුවෙන් පෙරළා සමාජ්යට ආදරය පිදූ ඔහු සමාජ්ය වෙනස් කිරීමේලා මානවයා සතු අපරිමිත ශක්තිය ගැන විශ්වාසය තැබීය. මිනිසා හට ආධාර කිරීම යනු සැබැවින්ම ඔහුට ඥානය ලබාදීම යයි ඇදහූ ඔහු සමාජයට ආදරය කළ යුතු මිනිසා ඒ වෙනුවට ඊට වෛර කරනා තත්ත්වයට ඇද වැටීම පිටුපස ඇති දේශපාලනය මනාව වටහා ගත්තේ පන්හිඳෙන් මෙන්ම විවිධ තලයන්හි ක්‍රියාකාරී වෙමින් සැබෑ අරගලකරුවකු වූවේ ය.

මේ එකතුවෙහි එන කතා අතරින් වැඩි කොටසක් මිනිසා තම තත්ත්වයෙන් පිරිහෙළා තිරශ්චීනයන්ට ද අන්ත තත්ත්වයට පත් කරනු ලබනා කොන්දේසි ගැන කරනු ලබනා සාහිත්‍යමය විග්‍රහයක් බවට පත්වෙයි. සමාජය වෙනස් කිරීමේ කාර්යයේලා පෙරගමන්කරුවකු ලෙස සිය කාර්යභාරය ඉටු කිරීමට සාහිත්‍යකරුවකු හට ඇති හැකියාව මේ කතා තුළින් මනාව විශද වෙයි.

ISBN
9786245774135
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කලෙක ඔවුහු ද මිනිසුන්ව සිටියෝ ය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.