Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කළු කැලේ බංගලාව

කළු කැලේ බංගලාව

About this book

''උඹ කිව්වා නේද, උඹ පණ පිටින් නම් මේ බංගලාවෙන් යන්නෙ නෑ කියලා...? සපුමලී... උඹ එදා එහෙම කිව්වා නේද? උඹේ දඩබ්බරකම කොච්චරද කියලා මට ඒ වෙලාවෙ තේරුණා... ඒ වගේ දඩබ්බර ගෑනුන්ට දෙන්ඩ ඕන දඩුවම තමයි මේ... උඹ පණ පිටින් නම් මේ බංගලාවෙන් යන්නෙ නැත්තම්... එහෙම නැතුව හරි මේ බංගලාවෙන් යවනවා කියලා මං එදා ඒ වෙලාවෙම හිතා ගත්තා... දැන් බලපන් මං උඹව මේ බංගලාවෙන් යවන හැටි...''

මහත්තයා ආයෙමත් හයියෙන් හිනාවෙන්ඩ පටන් ගත්තා... ඒක කිසි අනුකම්පාවක්, තෙතක් නැති මහ දරුණු දුෂ්ඨ හිනාවක්...

''උඹ මහ බොරුකාරයෙක්... තිරිසනෙක්... උඹ හිතනවද උඹ දිනුවා කියලා... ඔව්... මේ සැරේ උඹ මාව මරයි... හැබැයි මං උඹට දිනන්ඩ දෙන්නෙ නෑ... මැරුණත් මං නයෙක් වෙලා හරි මේ ගෙදරට එනවා. ඇවිත් උඹෙන් පළිගන්නවා... මාව මරලා උඹට යහතින් ඉන්ඩ දෙයි කියලා උඹ හිතනවද... මට කරපු මේ අපරාදෙ උඹට සාපයක් වෙයි... මං උඹට එක මොහොතක් සැනසීමෙන් ඉන්ඩ දෙන්නෙ නෑ... මං උඹට මේ ගෙදරට එක ගෑනියෙක් ගේන්ඩ දෙන්නෙ නෑ... කවදාවත් මේ ගෙදරට වෙන ගෑනියෙකුට එන්ඩ දෙන්නෙ නෑ!...'' 

Details
ISBN
9786249809871
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කළු කැලේ බංගලාව

Reviews are published once a member of our team has read them.