Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / කන්ද උඩරට රාජධානියේ විසූ අභිමානවත් පරපුරක අතීතාවර්ජනය

කන්ද උඩරට රාජධානියේ විසූ අභිමානවත් පරපුරක අතීතාවර්ජනය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book
මහින්ද්‍ර මෙෂාන් බණ්ඩාර වඩුගොඩපිටිය විසින් ලියන ලද අගනා කෘතියට පසුවදනක් ලිවීමට ආරාධනා කිරීම ගැන මම සතුටු වෙමි. උඩරට කීර්තිමත් පරපුරක ඉතිහාසය එම පරපුරේම වත්මන් සාමාජිකයෙකු විසින් මෙලෙස ග්‍රන්ථාරූඪ කර තිබීම කීප අතකින්ම වැදගත් සංසිද්ධියකි. පෝහත් කෙහෙල්පන්නල, ඒ. ජේ. මාරඹේ, ආනන්ද පිළිමතලාව, සුනිල් මඩුගල්ල, චාමිකර පිළපිටිය වැනි සිය උරුමය ග්‍රන්ථාරූඪ කළ සාඩම්බර උඩරැටියන්ගේ නම් අතරට මෙෂාන් වඩුගොඩපිටිය යන නම ද මේ අනුව ඇතුළත් කළ හැකිය. ඔවුහු සියලු දෙනාම සිය පාරම්පරික උරුමයේ සම්භාවනීය පාර්ශ්වය උත්කර්ෂයෙන් පිළිගනු ලැබුවා පමණක් නොව, එය අනාගත පරපුරේ දැනගැනීම සඳහා ලේඛනගත කළහ. එය ඔවුන්ටම මිස වෙනත් බාහිර පාර්ශ්වයකට එතරම්ම සාර්ථක ලෙස කළ නොහැකිවනු ඇත. ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ඓතිහාසික ලේඛන සහ ලේඛනගත නොවූ පාරම්පරික විස්තර ඉතිහාසඥයන්ගේ විචාරක්‍ෂියට යොමුවිය යුතුය. සිය පරම්පරාවේ යටගියාව විස්තර කරන අතරම උඩරට රාජධානියේ ඉතිහාසය, සමාජ සැකැස්ම, පූජ්‍යස්ථානවල භාරකාරත්වය, ඉඩම් අයිතිය සහ බ්‍රිතාන්‍ය පාලනය යටතේ එකී ක්‍ෂේත්‍රවල සිදු වූ පරිවර්තනය මේ ග්‍රන්ථයට විෂය වී ඇත. මහනුවර නගරය තුළ බලවත් වූ වඩුගොඩපිටිය පරපුර නායක්කර් හෙවත් වඩුග රජුන්ට ලේ ඥාතීත්වයක් ඇති රදල පරපුරක් ලෙස සැලකේ. එම පරපුරේ ඇත්තෝ රජවාසල ඇතුල් කට්ටලේ ඉහළ පදවි තානාන්තර හෙබවූ අතර, දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි දේපළ සහ පුද චාරිත්‍ර මෙහෙයවීමේ කටයුතුවල ද නිරත වූහ. උඩරට රජවාසල ඉහළ තනතුරු හෙබවූ තල්වත්ත, දොළපිහිල්ල, අඟුණාවල, රත්නායක සහ ජයසුන්දර වැනි පරම්පරා සමඟ වඩුගොඩපිටිය පවුල් ඥාති සම්බන්ධතාවයන් ද මේ ග්‍රන්ථයේ අවධානයට ලක්වී තිබේ. අධිකරණ සහ පරිපාලන ක්‍ෂේත්‍රවල මෑතකාලීනව ඉහළ තනතුරු දැරූ වඩුගොඩපිටිය පවුලේ ශ්‍රේෂ්ඨයන් ගැන මෙහි දැක්වෙන විස්තර එම පවුලේ වත්මන් සහ අනාගත දූදරු පරපුර ආදර්ශයට ගනු ඇතැයි මම විශ්වාස කරමි. කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහින්ද්‍ර මෙෂාන් බණ්ඩාර වඩුගොඩපිටිය සංචාරක ක්‍ෂේත්‍රයේ දීර්ඝකාලීන පරිචයක් ලැබූ ශාස්ත්‍ර උන්නතිකාමී සොඳුරු ඉතිහාස ගවේෂකයෙකි. ඔහු සිය අත්තම්මාගෙන් කුඩා කල අසා දැනගත් පවුලේ විත්ති පසුකාලීනව වඩාත් ශාස්ත්‍රීය ලෙස විද්වත් පාඨකයා හමුවේ තබා ඇති බව මේ ග්‍රන්ථයෙන් පැහැදිලිය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 2026.03.16
ISBN
9786242042992
පිටු ගණන (Pages)
244
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කන්ද උඩරට රාජධානියේ විසූ අභිමානවත් පරපුරක අතීතාවර්ජනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.