කෞරව වංශ කතාව
ටී. ඇස්. ධර්මබන්ධු (1902 - 1973)
තාන්තුලගේ සිරිගණදාස ධර්මබන්ධු මැතිතුමා 1902 මාර්තු 09 දින මොරටුව එගොඩඋයනේදී උපත ලැබුවේය. පාසල් මුල් ගුරුවරයෙකු වූ තාන්තුලගේ ජෝශප් ප්‍රනාන්දු සහ ජේ. කර්ලිනා ප්‍රනාන්දු ඔහුගේ දෙමව්පියන් වූහ. එගොඩඋයන සුගතධර්මාරාම විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපන හැදෑරූ ඔහු පානදුර සෞගත විද්‍යාලයට ඇතුලත්ව ධර්ම ශාස්ත්‍රය හැදෑරීය. රාජගිරිය පේෂකර්ම විද්‍යාලයෙන් පුහුණුව ලැබූ ඔහු පේෂකර්ම ගුරුවරයෙකු වශයෙන් සිය මුල්ම රැකියාව ආරම්භ කලේය. ජුලියට් ග්ලීශියා ප්‍රනාන්දු හා විවාහ වූ එතුමාට දියණියක සහ පුතෙකු වේ.
1924 දී සිය මුල්ම ග්‍රන්ථය වන ''හේමකාන්තා'' ග්‍රන්ථය එලි දැක්වූ හෙතෙම ශ්‍රී ලංකාවට නිදහස ලැබීම උදෙසා පැවැත්වූ නිදහස් මාවත කාව්‍ය තරඟයෙන් දෙවෙනි ස්ථානය දිනා ගනිමින් සිය හැකියාවන් ප්‍රකට කලේය. වසර 49 ක් වූ සිය සාහිත්‍ය දිවිය තුල ධර්මබන්ධු ශූරීන් ළමාකතා, නවකතා, කාව්‍ය සහ ශෘස්ත්‍රීය ග්‍රන්ථ වශයෙන් ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් රචනා කොට තිබේ.
ඔහුගේ ග්‍රන්ථ සමහරක් පාසල් කියවීම් පොත් වශයෙන් එවකට රජය විසින් නිර්දේශ කොට තිබේ. ගැමුණූ පොත් පෙළ, රජබස පොත් පෙළ, විද්‍යාදර්ශ කතා ඉන් සමහරකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.