Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සෙංකඩගල ශ්‍රී වික්‍රම

සෙංකඩගල ශ්‍රී වික්‍රම

About this book

පාසල් ගුරුවරියක ලෙස සේවය කළ අවධියේදීත්, ඉන්පසුවත්, රත්නපුර, පැරණි සීතාවක රාජධානියේ හා මහනුවර ප්‍රදේශයන්හි වෙසෙන සාමාන්‍ය වැසියන් අතර ගැවසීමෙන්, ඇතැම් තරුණ මෙන්ම, වැඩිහිටියන් අතරද රාජසිංහ රජවරුන් පටලවාගෙන ජනප්‍රවාද ප්‍රචලිත වී ඇති බව අසන්නට හැකි විය.

මෙම ජනප්‍රවාද ගොඩනැඟී ඇත්තේ, සීතාවක පළමු වන රාජසිංහ, මහනුවර දෙවැනි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් තිදෙනා වෙනුවෙනි. එපමණක් නොව, ඓතිහාසික සිද්ධීන් ද ඇසුරු කොට, මුඛ පරම්පරාගත වන ප්‍රවාද බාල පරපුර අතර පැතිර ඇත. මෙම කරුණු හේතු පාදක කොටගෙන මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ හා සීතාවක ටිකිරි බණ්ඩාර රාජසිංහ රජවරුන් පිළිබඳව කරුණු සොයමින් කුඩා නිර්මාණ කිහිපයක් සැකසුයේ පාසල් දරුවන් අතට පත් කිරීමේ අභිලාෂයෙනි.

1798 වර්ෂයේ දී රාජාධි රාජසිංහ රජු පන්මාන්තර ගත වීමෙන් පසු, එතුමාගේ නෑනණ්ඩියගේ පුත් කන්නසාමි කුමරාට රාජ්‍ය ධුරය හිමි විය. ඉන් පසු ශ්‍රී වික්‍රම නමින් එතුමා 1815 දක්වා රජකම් කළේය. 1815 දී තම හිතවත් අමාත්‍යවරුන්ගේ උදහසට ලක්ව මෙවන් සුන්දර රටක ඇති වන ඕනෑම උවදුරක් තම වාසියට හරවා ගන්නා ඉංග්‍රීසින්ට පාවා දෙනු ලැබීය. සිරකරුවෙකු ලෙස 1816 දී මද්‍රාසියට පිටමං කළද එතුමා රාජ්‍ය ගර්වය මිය යන තුරුම අත් නොහළේය.

ISBN
9789553110084
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සෙංකඩගල ශ්‍රී වික්‍රම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.