කවුළුවක් මං පියන්පත් නැති
About this book
මං කවුළුවක් වගේ නෝනා... ඒත් ඒ කවුළුවට කවදාවත් පියන් පත් තිබුණේ නැහැ... මගේ ජීවිතේ ඇට කටු හිර කරගෙන ඒ ඇට කටුවලින් සතුටු වෙච්ච අයට මං ඇති තරං සතුටු වෙන්න ඉඩ දුන්නා... ඒත් කවදාවත් ඒ කිසි කෙනෙකුට මං මගේ ජීවිතේ අරන් යන්න ඉඩ දුන්නේ නැහැ. මට ගන්න තිබුණෙ එම එක තීරණයයි නෝනා... ජීවත්වෙනවද නැත්තං මැරෙනවද කියන තීරණය විතරයි. ඒත් කවුරු මාත් එක්ක සතුටු වුණත් මගේ ජීවිතේ අයිති මට. ඇයි මං මාව නැතිකරගන්නේ? ඊට පස්සේ මට ඒ ඔක්කොම ඇගේ වැදිලා යන සුළං පොදක් වගේ වුණා. හිතන්න හුඟක් දේවල් දීල හෙමින් සීරුවෙ හමා ගියා. මට මුල්න්ම ආදරේ කියල මොකද්ද එකක් දැනුණේ නෝනගෙන් හමාපු ඒ විලවුන් සුවඳට... ඒ සුවඳ දවස් ගණනාවක් කාමරේ පුරාම තිබුණා. ඊට පස්සේ මං තනියෙම නිදා ගත්තේ ඒ සුවඳ තුරුලු කරගෙන දාඩිය ගඳින් පිරුණු ගෑනුන්ට මිනිස්සුන්ට හිරවෙලා සතුටු වෙන්න ඉඩ දුන්න මං මුලින්ම ආදරේ කළේ ඒ සුවඳට... අන්තිමේ මිනිස්සු මැරෙන්නෙත් ඒ සුවඳම ඇඟේ උළා ගෙන බව මට දැනුණේ මල් ශාලාවේ රස්සාවට ගියාට පස්සේ.
Details
ISBN
9789556776850
පිටු ගණන (Pages)
228
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review