Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කීව් දියණියෝ
About this book

"කීව් දියණියෝ” මගින් යුක්රේන ඉතිහාසයේ මකා දමන්නට උත්සාහ කළ වැදගත් කොටසක් ලොව පුරා පතළ කිරීමේ කාර්යය එරින් ලිත්තෙකේන් (Erin Litteken) කතුවරිය මැනවින් සිදු කර ඇත.

1929දී

ස්ටාලින් යුක්රේනයේ ආරම්භ කළ කෘෂිකර්මාන්තය සාමූහිකකරණය කිරීමේ වැඩ පිළිවෙල මිලියන 3 – 10 අතර අහිංසක ගොවියන් සාගතයෙන් මිය ඇදෙන්නට සැලැස්වූවක් විය. ආරම්භයේ දී එහි ජීවිත සුපුරුදු පරිදි ඉදිරියට ගිය මුත්, ඉක්මනින්ම එම වැසියන් ජනතාවගේ සතුරන් බවට චෝදනා එල්ල කෙරිණි. තවදුරටත් කතා කිරීමට කිසිවෙකු හෝ එඩිතර නොවූ අතර මිනිසුන් අතුරුදහන් වීමට පටන් ගැනිණි.

සත්‍යය පසුබිම් කොට ගෙන ලියවී ඇති "කීව් දියණියෝ" අති මහත් කෲරත්වයේ කම්පන සහගත වකවානුව මැනවින් පැහැදිලි කරන්නකි. ඒ සමගම එය ජීවත්වීමේ සටන පිළිබඳ මිනිසා තුළ ඇති ආවේණික ශක්තිය පිළිබිඹු කරන්නකි. එවකට දහසය හැවිරිදි ගොවි කෙල්ලක වූ කතියා අප්‍රමාණ වේදනා විඳිමින් මුත් ධෛර්යය සහ ආදරය නොමරා ජීවිතය ජය ගන්නා අන්දම අපූරු ය.

එරින් ලිත්තෙකේන් කතුවරියගේ මෙම කෘතිය දැනට භාෂා 18 කට පරිවර්තනය වී ඇති අතර මේ සඳහා ඇයට පහත සඳහන් සම්මාන ද හිමිවී ඇත.

Winner of the She Reads Best Historical Fiction 2022 (2022 She Reads හොඳම ඓතිහාසික ප්‍රබන්ධයේ ජයග්‍රාහිකාව

Women's Fiction Writers Star Award Winner 2023 (2023 ප්‍රබන්ධ ලේඛිකාවන්ගේ තාරකා සම්මානලාභිනිය)

ISBN
9789553135223
පිටු ගණන (Pages)
387
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කීව් දියණියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.