කිරිඅත්තාගේ සිහිනය

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
kiriaththage-sihinaya-diwyanjali-alwaladeniya-thissa-jinasena

කිරිඅත්තාගේ

සිහිනය

යොවුන් නවකතාව

තවමත් එකොළොස්වන වියේ පසු වන දිව්‍යාංජලී ඇල්වලදෙණිය දැරියගේ කුළුඳුල් යොවුන් නවකතාවයි මේ. භාෂා භාවිතය, චිත්තරූප මැවීම, විවිධ රස මතු කිරීම ආදී නවකතා මූලධර්මයන් - ඇගේ වයස සමඟ සසඳන විට ඇදහිය නොහැකි තරමට ම - මනා ව හසුරුවමින් ගැඹුරු සමාජ විග්‍රහයක යෙදෙන ඇය මේ නිර්මාණය තුළින් ම ලක්මවට නුදුරේ ම ප්‍රශස්ත ලේඛිකාවක් උරුම වන බව පසක් කරවයි.

දෙපෙත්තේ දී ම පාඨකයන් මවිත කරවන ලේඛන කෞශල්‍යයක් රැගෙන උපන් මේ පුංචි කතුවරියට මහ විසල් වනස්පතියක් සේ වැඩී පාඨක ලොවට සෙවණ සදන්නට හා මහත් වූ ඵල දරන්නට අවැසි පොහොණිය ද රැකවරණය ද සැලසීම වැඩිහිටි ඔබ අප සැමගේ යුතුකමයි; වගකීමයි.

Author දිව්‍යාංජලී ඇල්වලදෙණිය - Diwyanjali Alwaladeniya (1)
Publisher තිස්ස ජිනසේන පදනම - Thissa Jinasena Padanama (1)
More Information
ISBN 9786249685307
පිටු ගණන 172
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කිරිඅත්තාගේ සිහිනය
Back to Top