කූනිය කින්නි
වෙනත් මුද්‍රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
නූතන සිංහල නවකතා කලාව තරුණ ලේඛිකාවක් අතින් අර්ථ සම්පන්නව වර්ණවත් වන අන්දම ප්‍රශංසනීය වේ. තරුණියක, පෙම්වතියක, බිරිදක ඇතැම් විට මිත්තණියක ලෙස අත්විදින ජිවන සන්තාපයන් ලේකකයෙකුට වඩා ගැඹුරින් හා නිර්ව්‍යාජව ලේඛිකාවකට නිරෑපණය කළ හැකිය යන්න මගේ විශ්වාසයයි. ඒ් බව සපථ කරන්නට දිල්රැහා සෙව්වන්දි විසින් නිර්මාණය කරන ලද 'කූනිය කින්නි' නව කථාව මනා වු නිදසුනකි. කතුවරිය නූතන ගැහැණිය විෂයෙහි සංකීර්ණ ජීවන යථාවක් අතීතය තුල ඇති ජනස්‍රැති ජන ප්‍රවාද ඔපරිකල්පනය කර ඇති අන්දම රමණිය වේ.ස්ත්‍රීය විෂයෙහි සනාතන ඒහෙත් අදෘශ්‍යමාන ගොරබිරම් සැබෑවක් කතුවරිය චරිත නිරෑපණයේදී දක්වන සමත්කම හේතුවෙන් ස්ත්‍රි-පුරුෂ භේදයකින් තොරව; පොදු පාඨකයා මනුෂ්‍යත්වය සම්බන්ධ ජීවිතාවබෝධයක් ලබයි. කතාවේ සංදර්භය හා රචනා රීතිය අභිමත අන්දමට ගොඩනගා ගැනීමට කල්පනාකාරී වීම නවකතාව කියවීමෙන් පාඨකයා අත්විදින ආස්වාදය තීවෘ කරයි. අතිශයින් සංකීර්ණ ජීවන කලාපයක් වෙත පාඨකයා කැදවාගෙන යන කතුවරිය අවසන පාඨකයා සසල කරමින් නෙතට කදුලක් නංවයි. දිල්රුහා මේ නවකතාවෙන් ස්වකීය ප්‍රතිභානය පමණක් නොව ජීවන දෘෂ්ටියද විදහා පෑමට සමත්ව සිටින අන්දම ප්‍රශංසනීය බව නොවළහා පවසනු කැමැත්තෙමි.
Details
ISBN
9786249101418
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review