Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුරිරු දෛවය
About this book

හදවත් කුමරු ජැක්ස් ඇයට ද්‍රෝහි වීමෙන් අනතුරුව තමන් නැවත කිසි දිනෙක ඔහුව විශ්වාස නොකරන බවට ඉවැන්ජලීන් ෆොක්ස් දිවුරයි. දැන් ඇය තමන් සතු මායා බලය සොයා ගෙන ඇති බැවින් එම බලය යොදා ගෙන ජැක්ස් සොරකම් කළ, සතුටින් පිරුණු සදාකාලයක් සඳහා ඇයට ඇති අවස්ථාව නැවත ලබා ගත හැකි යයි ඉවැන්ජලින් විශ්වාස කරයි.

එසේ වුවද, අති බිහිසුණු නව ශාපයක් හෙළිදරවු වීමත් සමග ඉවැන්ජලීන් නැවත වරක් හදවත් කුමරු සමග දුර්වල හවුලක් ඇති කර ගන්නීය. එහෙත්, මෙවර නීති වෙනස් වී තිබේ. ඉවැන්ජලින් ප්‍රවේසම් විය යුතු එකම බලවේගය ජැක්ස් නොවේ. ඇත්ත වශයෙන්ම, ඇය ඔහුට කොතරම් අකමැති වූවත් ඇයට විශ්වාසය තැබිය හැකි එකම කෙනා ජැක්ස් විය හැකිය. ආදර මන්ත්‍රයක් ඉවැන්ජලීන්ගේ දිවිය අවුල් කර දමනු වෙනුවට මිනිමරු මන්ත්‍රයක් මුදා හැර තිබේ. එම මන්ත්‍රයේ බල බිඳීමට ඉවැන්ජලින්ට සහ ජැක්ස්ට පැරණි මිතුරන්, නව සතුරන් සහ මනස සහ හදවත සමග සෙල්ලම් කරන මායා බලයකට එරෙහිව සටන් වැදීමට සිදු වේ. ඉවැන්ජලීන් හැමදාමත් ඇගේ හදවත විශ්වාස කළාය. එහෙත්, මෙවර තමන්ට එසේ කළ හැකි යයි ඇය නොසිතන්නීය...

ISBN
9786246585570
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කුරිරු දෛවය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.