ලංකා පාරාදීසයේ සැමරුම්
ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගර්සන් 1837 දී දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද්‍යෝගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව Ceylon Observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ හැසිරීම සහ ජන ජීවිතය සහ ඇදහිලි ගැන විශිෂ්ට දැනුමක් තිබූ බව මේ කෘතිය කියවන විට පැහැදිලි වේ. Souvenirs of Ceylon පොත මුලින්ම පළවන්නේ 1889 දී ලන්ඩනයේ දී ය. එය විශේෂයෙන් ලියා ඇත්තේ ලංකාවට නැවෙන් ගාල්ලට පැමිණෙන ඉංග්‍රීසි ජාතික සංචාරකයන්ට අත්පොතක් සේ භාවිත කිරීමට ය. මැකන්සි ෆර්ගසන් ඉතා ජනප්‍රිය වූ FERGUSON DIRECTORY ය පළකිරීම ද ආරම්භ කළේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.