ප්රතාපවත් පෞරුෂයක් හිමි ඔහු මා දුටු කඩවසම්ම තරුණයා බව සහතිකය කෙතරම් රළු පෞරුෂත්වයක් ඉසිළුවද ඔහු මා හට දක්වනා ආදරය කිව නොහැකි තරමි ආදරණිය වන්නේය. මා හට දරන්නට නොහැකි තරම් ආදරයක් සෙනෙහසක් ඔහු සිතේ වන්නේය. ආරක්ෂාවක් අවැසි සෑම විටෙකම ඔහු මා ආරක්ෂා කළේය. ප්රාණ සමව ඔහු මට ආදරය කරන්නේය. මෙලොව මට ඇති වටිනාම වස්තුව ඔහුය. ඔහු "හේස් " නම් විය. ( ලියා තත්සරණි සිල්වා)
ගැහැණුන් යන නාමයටත් වෛර බැඳි මා එක් යුවතියක් කෙරෙහි පමණක් ආලය දැක්වීමට පුදුමයට කරුණක් වන්නේය. නොසිතූ විරූ මොහොතක ඒ අවිහිංසක ඇස් මා සිත සසල කරන්නට වූයේ පුදුමාකාර ලෙසටය. ඒ දෑස් මා මතකයෙන් අතුගා දැමීමට කිසි ලෙසකවත් මා හට නොහැකි විය. දුටු පළමු තත්පරයේ පටන් මා ඇයට ප්රේම කලෙමි. එතරම් ප්රේමයක් මා සිතට කෙසේ ඇති වූවා දැයි මා නොදන්නෙමි අරමුණකින් තොරව ගෙවූ ජීවිතයට නව පණක් දුන්නේ ඇයය. ආදරයේ වටිනාකම කියා දුන්නේ ඇයය. බැඳීමක වටිනාකම කියා දුන්නේ ඇයයි දඩබ්බර මා සිත සසල කල අහිංසක දෑසේ හිමිකාරිය ඇයය. ඇය " ලියා " නම් විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.