“අම්මාගෙ ජීවිතේ ෂුවර් නෑ. එයාට මොනාහරි උනොත් ඒක මං නිසයි උනේ කියන එක මට දරාගන්න බැරි වෙයි සාවී. ඒත් මට ඔයාව නැති උනොත් දරාගන්න නෙවෙයි, ජීවත් වෙන්න බැරි වෙයි. ඒ නිසයි මේ තීරණේ ගත්තෙ. ලේසි නෑ. ඒත් මං මොනා කරන්නද... මැරෙන්න තරම් දුකයි. මගේ ඇඟෙන් කෑල්ලක් නැති වෙනවා වගේ මට දැනෙන්නෙ. මගේ ඇස් මායිමෙන් ඈත් කරන්න හිතුවෙ නෑ කවදාවත්. ඒත් මේ අමාරු කාලේ ඔයා ඔයාගෙ ඩ්‍රීම් එක ඇචීව් කරගන්න ඕන සාවී. මංම එක්කන් ගිහිං හැමදේම කරන්න ප්ලෑන් කළේ ඒත් දැන් තත්ත්ව එක්ක මට ඒක කරන්න බෑ සාවී. මෙහෙ ඉඳලා විඳවන්න එපා, හීනෙට යන්න, ම්... ඒක මගෙත් හීනයක්. චරිත් එයි ඔයාගෙ සපෝට් එකට. එහෙ හැමදේම මං සතියක් ඇතුළත පිළිවෙළක් කරලා දෙන්නම්. ඔයාගෙ හීනෙට යන්න. ඒක සැබෑ කරගන්න. ඔයා දිනනවා බලන්න ඕන මට. ඒක කරන්න සාවී, ම්... කරනවා නේද?”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.