Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලෝකෝත්තරයෙක් නොවීමි

ලෝකෝත්තරයෙක් නොවීමි

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Super 30 Book Collection
About this book
දඹුලු ප්‍රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව,අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම් , මිත්‍යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත්වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී.

නොයෙකුත් කම්කටොලු මැද අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්ව විද්‍යාල පරිසරයේද සාරයෙන් පෝෂය වී ගැමි බුද්ධිමතකු බවට පත්වේ. එක්තරා කාල පරිච්ඡේදයක මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෝෂණය කළ බුද්ධිමත් මෙන්ම, මහත්මා ආචාර්ය පරපුරක් සෙවණේ වැඩෙන මෙම ගැමි තරුණයා විශ්වවිද්‍යාල සමාජයේ නායකයකු බවට පත්වේ. මෙය ගමෙන් විශ්වවිද්‍යාලයට පැමිණ ඉහළ මධ්‍යම පන්තියකට පිවිසීමට තැත් කිරීමෙන් නිශ්ක්‍රීය වන්නෙකුගේ පුවතක් නොව ,තම ජීවිතයෙන් සංතෘප්තියක් ලැබූවකු පිලිබඳ පුවතකි.

Details
ISBN
9786245572021
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලෝකෝත්තරයෙක් නොවීමි

Reviews are published once a member of our team has read them.