Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ

ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ

About this book

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද ගෞතම බුදුසසුන තුළ අතිශයින් ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සිව්පසලාභී භික්‍ෂූන් වහන්සේලා සැලකීමේ දී සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධ සෑම දෙනා අතර ත් අබෞද්ධ බොහෝ දෙනා අතර ත් හිරු සඳු මෙන් අතිශයින් ම ප්‍රකට ය. එසේ ම මේ ගෞතම බුදුසසුන තුළ කිසිදු ලාභී බවක් නොමැති සිව්පසය අන්තයට ම පිරිහී ගිය භික්ෂූන් අතර මේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ඉතා ප්‍රකට ය. මේ මහා මුනිවරයන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අපට අතිශයින් ම වැදගත් වූ පණිවිඩයක් ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භවභෝග සම්පත්වලින් පිරිපුන් වීම ආදී කරුණු බල නොපාන බවයි. අන්ත අසරණ වී කාත් කවුරුවත් නොමැති ව මහ මග හිඟා කන මට්ටමට ඇද වැටුණ ද ලෞකික සැප විඳීමට කිසි පිනක් නොමැති වුව ද එය ධර්මාවබෝධය සඳහා බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්‍වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.”

 

ISBN
9786245711055
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.