ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
losakathissa-maha-rahathan-wahanse-gayan-chanuka-dayawansha

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද ගෞතම බුදුසසුන තුළ අතිශයින් ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සිව්පසලාභී භික්‍ෂූන් වහන්සේලා සැලකීමේ දී සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධ සෑම දෙනා අතර ත් අබෞද්ධ බොහෝ දෙනා අතර ත් හිරු සඳු මෙන් අතිශයින් ම ප්‍රකට ය. එසේ ම මේ ගෞතම බුදුසසුන තුළ කිසිදු ලාභී බවක් නොමැති සිව්පසය අන්තයට ම පිරිහී ගිය භික්ෂූන් අතර මේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ඉතා ප්‍රකට ය. මේ මහා මුනිවරයන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අපට අතිශයින් ම වැදගත් වූ පණිවිඩයක් ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භවභෝග සම්පත්වලින් පිරිපුන් වීම ආදී කරුණු බල නොපාන බවයි. අන්ත අසරණ වී කාත් කවුරුවත් නොමැති ව මහ මග හිඟා කන මට්ටමට ඇද වැටුණ ද ලෞකික සැප විඳීමට කිසි පිනක් නොමැති වුව ද එය ධර්මාවබෝධය සඳහා බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්‍වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.”

 

Author ගයාන් චානුක විදානපතිරණ - Gayan Chanuka Vidanapathirana (47)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (603)
More Information
ISBN 9786245711055
පිටු ගණන 40
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ
Back to Top