Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මඝ ගිය මඟ

About this book
මඝ ගිය මඟ යොවුන් නවකතාව අනිවාර්යයෙන් ම යොවුන් පරපුරට යහපත් මඟ පෙන්වීමක් කළ යුතුවේ. එහෙත් නූතනයේ යොවුන් නව කතාවලින් බහුතරය හුදු ත්‍රාසය මතුකොට පාඨක සිත් මුළා කරන ස්වභාවයක් පෙන්වයි. මේ මඟින් බැහැර වී යොවුන් පරපුරට යහපත් මඟ පෙන්වීමක් කරන යොවුන් නවකතාවක් ලෙස ‘මඝ ගිය මඟ’ හඳුන්වාදෙනු කැමැත්තෙමි. මෙහි එන යොවුන් පිරිස සත්‍යය සහ මෛත්‍රිය පදනම් කරගෙන ගමක් ගොඩනඟති. අත මිට සරු තෘප්තිමත් ගම්වැසි පිරිසක් බිහි කරති. ඒ සමඟම ජනතා ද්‍රෝහි දුෂ්ට බලවේග පරාජය කරති. මෙය සැබැවින්ම අපේ යොවුන් පරපුර කියවිය යුතු පොතකි. මේ කෘතිය රචනා කළ දෙනගම සිරිවර්ධන මහතා ලියූ “මිතුරෝ” යොවුන් නවකතාව 1994 අන්තර් ජාතික යෞවන සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය. ඔහුගේ තවත් යොවුන් නවකතා පහකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමිකයෙකු වන ඔහු “සිළුමිණ” නියෝජ්‍ය කර්තෘ වශයෙන් ද ලේක්හවුස් ආයතනයේ සිංහල ප්‍රකාශන උපදේශක වශයෙන් ද කලක් සේවය කළේය. රෝහණ වෙත්තසිංහ ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදී
ISBN
9789553121424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මඝ ගිය මඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.