මගේ ආදර අවනඩුව
මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත්... සිත් නෙත්.... සිත් නෙත්.. හඬ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දේදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන්, මෙතැන, ගොළු ය. පැමිණිලි කූඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ විණාවක තත්වලිනි. මා මුව ද ගොළු ව ඇත. පෙනෙනතෙක් මානයෙහි දිය පොදක් නැත. එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි. මක්නිසාදයත් අමපැන් ඉල්ලා භළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි. කිසිදා නොදුටු නාඳුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතු ය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නො කරන්න. එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි.
මෙතැන් සිට මේ ප්‍රේමණීය උසාවිය ඔබට බාරය. මේ, මගේ ආදර අවනඩුව !
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.