මහාවංසය ගැන උගනිමු
Details
ISBN
9789558580134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - මහා වංසය ගැන උගනිමු. : නාරද කරුණාතිලක හා කොලට් සේනානායකනාරද කරුණාතිලක සහ කොලට් සේනානායකගේ "මහාවංසය ගැන උගනිමු" යන පොත ප්‍රථම වරට මුද්‍රණය වන්නේ 2014 වර්ෂයේදී ය.
මෙම ලේඛණය අන් ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා සංස්කෘතිය පිළිබඳව ලේඛනයන් වලට වඩා වැදගත් වන්නේ ඒවායේ පවත්නා,
(01) තියුණු පර්යේෂණාත්මක විවරණයන්
(02) සරළ භාෂා භාවිතය හා සංක්ෂිප්ත බව
(03) නොසෙවූ සංකීර්ණ ඓතිහාසික සාධක තම පර්යේෂණ හරහා
ජනතාකරණය කිරීමයි.
කෙසේ හෝ වේවා මෙම ලේඛකයන් දෙදෙනා තරමක් අප රට තුළ වැදගත් ස්ථානයක් ගන්නේ ඔවුන් තුළ පවත්නා බෞද්ධ දර්ශණය මුලික කරගත් ලේඛණ ශෛලිය නිසාවෙනි.
මෙම ශෛලිය තුළින් ජනිත වන සංකීර්ණ ගැටළුව වන්නේ, ශ්‍රී ලංකාවේ බහු වාර්ගික රටක් වීම සහ ලේඛකයන් දෙදෙනා තම අවශ්‍යතාවය පරිදි 'මැවුම්වාදය' නිර්දය ලෙස විවේචනය කිරීමයි.
එනමුදු එමගින් බුදු දහමෙහි අගය සහ වටිනාකම වැඩිවන අතර එය පදනම් සහිතව තර්කානුකුලුව සිදු කරන බැවින් එහි වරදක් නොපෙනේ.
මෙම කුඩා ග්‍රන්ථය රු. 100ක් වන අතර පිටු 31කි. මම මෙය මරදාන ගොඩගේ පොත් මැදුරෙන් ගත්තෙමි.
බෝධි සභාව නම් ආයතනයක් හරහා ප්‍රකාශණය කරන මෙම පොත ශ්‍රී ලාංකීය සමාජය තුළ ප්‍රකටව පැවතිය යුතු පොතකි.
අන්තර්ජාලය හරහා හෝ වෙනත් තොරතුරු මාධ්‍ය හරහා මෙම කතුවරයන් ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වීම, තරමක් දුක්බර තත්වයකි.
අන්තර්ජාලයේදී මොවුන් දෙදෙනා ගැන මට ලිපි දෙකක් සොයාගත හැකි විය.
මොවුන් දෙදෙනාගේ තවත් කෘතියක් වූ 'කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම' විචාරයට ලක් කරමින් ලියවුනු "BOONDI.lk" නම් වෙබ් අඩවියේ මොවුන් දෙදෙනාගේ සාහිත්‍යමය විප්ලවවාදී ස්වභාවය ගැන අපට දැනගත හැකි විය.
එම ලේඛණය පහත ඇමුණුමෙන් සොයා ගත හැක.
http://www.boondi.lk/article.php?ArtID=4561
තවද ශ්‍රී ලංකාවේ පවත්නා ක්‍රිස්තියානි හා කතෝලික ධර්මය හා එය ගැන මුලික සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් අප හට මේ ලිපිය තුළින් ලබාගත හැක.
නමුත් 'නාරද' හා 'කොලට්' යන සාහිත්‍යධරයන් දෙදෙනා ගැන ලොකු විස්තරයක් එහි නොමැත.
ඔවුන් දෙදෙනාගේ දෘශ්ටිය තරමක් විචාරාත්මකය.
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට යටත් විජිත පාලන සමයන්හි සිදුවූ බලපෑම් මගින් ශ්‍රී ලංකිය දේශීය සංස්කෘතිය, ආර්ථිකය හා අභිමානයේ සෝදාපාළුව තම සාහිත්‍යය හරහා පෙන්නුම කර ඇත.
එමනිසා හටගන්නා අර්බුදයන් හා ඒවාට විසදුම් මෙම පොත් වල දක්වා ඇත.
අන්තර්ජාලය හරහා ගැඹුරින් විශ්ලේෂණය කරන විට "ගුගල් බුක්ස්" [Google Books] හරහා පහත ඉංග්‍රීසි බසින් රචිත මුද්‍රිත පොතක විද්‍යුත් මාධ්‍යයෙන් සකස් කරන ලද පොතේ මොවුන් දෙදනා ගැන සොයා ගත හැකිවිය.
එම පොතේ නම "Being a Christian in Sri Lanka [ Historical, Political, Social and Religious Considerations ] යන මැයෙන් රචිත ඉංග්‍රීසි කෘතියකි.
මෙය රචනා කර ඇත්තේ 'ලෙනාර්ඩ් පින්ටෝ' [Leonard Pinto] නම් කතුවරයා විසිනි.
මෙම කෘතියේදී 'කොලට්' හා 'නාරද' යන කතුවරයන් දෙදෙනා විවේචනය කර ඇත.
ඒ ඔවුන්ගේ සාහිත්‍ය කෘතීන් වල "මැවුම්වාදය", මුලිකව පදනම් වී ඇත්තේ බුද්ධ ධර්මය මත බව පැවසීමයි.
එම තොරතුරු පහත වෙබ් අඩවි ඇනවුම හරහා සොයා ගත හැක.
https://books.google.lk/books?id=ifVMCgAAQBAJ&pg=PT408&dq=narada+karunathilaka&hl=en&sa=X&ved=0ahUKEwjKorD78KHdAhUPfX0KHQyuCBEQ6AEIJzAA#v=onepage&q=narada%20karunathilaka&f=false
මෙසේ හැර 'කොලට් සේනානායක' හෝ 'නාරද කරුණාතිලක' ගැන අන්තර්ජාලය තුළ දක්නට නොමැත.
මෙම පිටු 31ක් තුළ මාගේ හද සලිත කරන ලද තොරතුර වන්නේ බුදු සමයේ පැවති පාළි භාෂාවට බුද්ධ ධර්මය දේශනයට තිබුණු නැඹුරුවයි.
බුදු රජාණන් වහන්සේ සංස්කෘත භාෂාව මග හැර පාළි භාෂාව තම බුද්ධ දේශනයට යොදාගන්නේ එය කුලහීන ජනතාවගේ ශුභසිද්දිය උදෙසයි.
මෙම කරුණෙහි සත්‍යතාව මට "Britannica.com" හරහා තහවුරු කරගැනීමට හැකි විය. එම තොරතුරු පහත ඇමුණුමෙන් බලා ගත හැක.
https://www.britannica.com/topic/Pali-language
තවද පහත වෙබ් අඩවි ඇනවුම හරහා තවත් තොරතුරු බලා ගත හැක.
https://www.quora.com/Which-language-did-Buddha-preach-in
මෙම කෘතිය තුළ මහාවංසය ඉගෙනගැනීමේ වැදගත්කම හා ඊට බද්ධ වූ ශ්‍රී ලංකාවට අවේණික දේශීයත්වය යන සාධක කෙරෙහි නැවත ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමටත් ප්‍රයත්න දැරීම වැදගත් සාධකයක් ලෙස දැකිය හැක.
එමනිසා මෙම පොත දේශීය සාහිත්‍යමය වශයෙන් ගත් කළ ඉතාමත් ඉහළ වටිනාකමකින් යුක්ත පොතකි.
'කොලට්' හා 'නාරද' ගේ ශ්‍රී ලංකාව පිළිබඳව දෘෂ්ටිය සිංහලයන්ට තිරසාර සතුටක් ලබා දේ.
එමනිසා මෙම දෙදෙනාගේ ලේඛණවල හරය පෞද්ගලික ජීවිතයේදී භාවිතා කිරීම රටක් ලෙස දියුණුවට වැදගත් වේ.
ආශ්‍රිත මුලාශ්‍ර නාමාවලිය
වෙබ් අඩවි
ජයතුංග, රුවන්. එම්. (2015). කොන්කිස්තදෝස්- අවරෝධනය කරන ලද වේදනාත්මක මතකය.[Online/අන්තර්ජාලය හරහා] BOONDI.lk. Available at / වෙබ් අඩවි ඇමුණුම: http://www.boondi.lk/article.php?ArtID=4561 [ Accessed on / පරිශීලනය කළ දිනය: 05/09/2018]
Leonard, P. (2015). Being a Christian in Sri Lanka [ Historical, Political, Social and Religious Considerations ] (Online) Google: Books. Available at: https://books.google.lk/books?id=ifVMCgAAQBAJ&pg=PT408&dq=narada+karunathilaka&hl=en&sa=X&ved=0ahUKEwjKorD78KHdAhUPfX0KHQyuCBEQ6AEIJzAA#v=onepage&q=narada%20karunathilaka&f=false [Accessed on 05/09/2018]
Encyclopedia Brittanica, (2018). Pāli language. [online] Available at https://www.britannica.com/topic/Pali-language [Accessed on 05/09/2018]
Quora, (2018). Which language did Buddha preach in?. [online] Available at: https://www.quora.com/Which-language-did-Buddha-preach-in [Accessed on 05/09/2018]
Write a review
Write a review