මකරාගේ පැය
මකරාගේ පැය.....
තමන්ගේ අණට යටත් නොවී මේ ගමන් කරන පුද්ගලයා කවුදැයි බැලීමට පියදාස එම පුද්ගලයා සිටි තැනට ඉක්මනින් දිව ගියේය .ඔහු පියදාසට අඩි තුනක් පමණ ඉදිරියෙන් නතර විය.පියදාස ද එක්වරම නතර වී තුවක්කුව සූදානම් කරගත්තේය.
"කවුද ඔහේ ,මොකද මෙහේ කරන්නේ "යැයි නැවතත් සැරෙන් විමසීය.
එකතැන නැවතුන රුව සෙමෙන් සෙමෙන් පියදාස දෙසට හැරෙන්නට විය.ශරීරය ඉදිරියට නිසොල්මන්ව තබා ඔහුගේ හිස
පමණක් ආපස්සට හැරෙන්නට විය.
පියදාස දෑස් විශාල කර බලා සිටින්නට විය .ශරීරය ඉදිරියට හැරී තිබෙද්දී හිස සම්පූර්ණයෙන් ම ආපස්සට හැරුණි.නෙරාගිය දෑසින් යුතු,මුඛයෙන් සෙම වැගිරෙන ඒ බියජනක රුව පියදාස ඇමතීය.
"ඇයි මොකද..."
තම ජීවිතයේ මුහුණ දුන් බියකරු ම අත්දැකීම ට මුහුණ දුන් පියදාස තමන් ඉදිරියේ සිටින්නේ අවතාරයක් බව හැඳින ගත්තේය.ඔහුට එක්වරම කෑ ගැසුණි.
"බුදු අම්මෝ......"
***********************************
"මේ මායා එක්ක හැප්පෙන්න උඹලා වගේ දෙකයි පනහේ හොල්මන් වලට බෑ..ඔය හොල්මන් පෙන්නනවා බියගුලු මිනිස්සුන්ට ..."මායා පැවසීය..
ඇය නැවතත් පිටුපස හැරී බැලීය.ඈ දුටු දෙයින් මායාගේ දෙනෙත් විශාලවිය.
සුදු සාරියක් හැඳගත් දරුවකු වඩාගත් කාන්තාව ක් ඇය ඉදිරියට පැමිණෙන්නට විය.ඇය වටා දීප්තිමත් සුදු ආලෝකයක්ද විහිදෙන්නට විය.
"ඔව් මේ තමයි මෝහිණි " ඇය මිමිණීය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.