මම සමන්
මේ වැඩේ හරියන්නේ නෑ, ගණන් පාඩම් හොඳට මොළේට දාගන්න අපට වෙනින් ක්‍රමයක් හොයාගන්න වෙනවා.මම බැරිම තැන කීවෙමි.
''එක තමයි. මෙතන මොකක් හරි වරදක් තියෙනවා.
මොන වගේ වරදක්ද..?"මං කියන්නෙ මං මේ තරම් උනන්දුවෙන් පාඩමට ඇහුම්කන් දීලත් උගන්නාවූ දේවල් මගේ මොළේ නැවතෙන්නෙ නැති එක ගැන. "ඒකනං ප්‍රශ්නයක් තමයි..
ඇත්තමට ඔයාට හැම දේම මතක හිටින්නත් මට අමතක වෙන්නත් හේතුව මොකක්ද?" මගේ මිත්‍රයා ඇසුවේ උත්තරයක් හොයා ගන්නට බැරිම ප්‍රශ්නයකි. උත්තරයක් නොදී ඉන්නටත් නොහැකි ය. " අනේ මන්දා..?" මම සෑහෙන වේලාවක් කල්පනා කර කීවෙමි.
උත්තරයෙන් මගේ මිත්‍රයා සෑහීමකට පත් නොවන බව මමද දනිමි "තව හොඳට සිතන්නකො. මොකක් හරි හේතුවක් ඇති"
මම කල්පනා කරමි. නිවැරදි ම උත්තරය යැයි සිතාගත හැකි
උත්තරයක් මගේ හිතට ආවේ සෑහෙන දිග කල්පනාවකට පසුව
ය.
“මං පුංචි කාලේ අලියෙකුගෙ බඩ යටින් රිංගලා තියෙනවා”
මගේ උත්තරය ඇසූ අසංග අප වාඩි වී සිටි තැනින් උඩ පැන නැගිට්ටේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.