මන්දාකිණි
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය පාසල් අධ්‍යාපනය අවසන් කළේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනි. පාසලේ, හයවන පන්තියේ දී ඇය ලේඛන කලාවේ දක්ෂතා පෙන්වමින් ත්‍රෛමාසික පාසල් සඟරාවක ප්‍රධාන සංස්කාරක ධුරය ද දැරූ අතර පුවත් පත් ගණනාවකට පද්‍ය රචනා කරමින් ලේඛනයේ දක්ෂතා පළ කළා ය. තව ද, ඇය පාසල් සමයේ දී ම 'මිණිමුතු' නමින් කාව්‍ය සංග්‍රහයක් ද එළි දක්වන්නට සමත් විය.
ඇය දහම් අධ්‍යාපනය ලැබූ මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ද කටයුතු කළ අතර නිල පුවත් පත වන විදුසරණ පත්‍රය ද ඇගේ ලිවීමේ හැකියාව තවත් ඔප් නැංවෙන්නට හේතු විය. ඇයගේ තෝරාගත් නිර්මාණ කිහිපයක් අපට අද ගීත ලෙසට අසන්නට ලැබීම ද සතුටට කරුණකි.
චන්ද්‍රිකාගේ නවතම නිර්මාණය 'මන්දාකිණී' නමින් අද දින එළිදක්වන්නීය. තව තවත් මෙවන් රස පිරි ස්වතන්ත්‍ර නිර්මාණයන් එළි දක්වන්නට ඔබට දිරිය ලැබේවා!
ආචාර්ය ජයන්ත වත්තවිදානගේ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
Its kind a adventure. But after all its the lifeBeautiful Story... Love it.