ඇගේ අත් බෑගයේ තිබී එළියට ගත් බුදු
පිළිමය ඇය ඔහු අතේ තැබුවාය.
"මේක ජිප් එකේ තියන්න.."
අවන්ත එය හරව හරවා බැළුවේය.
"තැන්ක්ස්.."
" මේක මට දාන්න..."
හැඟීමකින් ඇගේ සිත ලැජ්ජාවෙන් මිරිකුණේ ය.
ඇය බ්‍රවුන් පේපර් කවරයේ තිබූ රතු වීදුරු වළලු දෙක ඔහු අතේ තිබ්බා ය. අවන්තගේ පපුව පිච්චී ගියේ තාමත් ඇයට කිසිම දෙයක් අරන් දෙන්න බැරි වුණ එකටය. ඇගේ අතේ තිබී ගලවා තමාගේ සුළැඟිල්ලට දැමූ රන් මුදුවට හරියන්න එකක් ඇගේ අතට දාන්න හිතාගෙන හිටිය එකත් කරන්න බැරි වුණා කියා ඔහුට මතක් වුණේ දැන් ය. ඔහු ඇගේ සුදු අත හෙමින් අල්ලා වළලු දෙක දැම්මේ ය.
"මේක අපේ ආදරේ සංකේතය අවන්ත. ඒක බිඳෙන දාට මේ වළළු දෙකක් බිදෙයි.."
" පිස්සු කතා කියන්න එපා බං.. මේවා වීදුරුනේ බිත්තියේ වැදුණත් කැඩෙනවා..''
"නෑ.. මං එහෙම කැඩෙන්න දෙන් නෑ..."
" මෝඩි.."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.