මරණයේ දූතයා
ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා නගරයක, සැහැල්ලු දිවියක් ගෙවූ මේරි ඈෂ්ලි වෘත්තීමය වශයෙන් මහාචාර්යවරියක වූවාය. කිසිසේත්ම දේශපාලන ක්‍රියාකාරිනියක නොවූ ඇගේ දිවියට එක්තරා දේශපාලනික තත්ත්වයක් මත කණ කොකා හඬලන්නට මහ කාලයක් ගත නොවීය. එක්සත් ජනපදයට තේරී පත් වූ නව ජනපතිවරයාගේ අභිමතය පරිදි ඇය රුමේනියානු තානාපතිවරිය ලෙස පත් වූ අතර, එතැන් පටන් ඇගේ ජීවිතය මුළුමනින්ම උඩුයටිකුරු විය.
තානාපති දූරය දිවියේ එක් වරක් පමණක් හිමිවන විරල අවස්ථාවක් වුවද, තමා සිරවූ උගුලේ අගක් මුලක් සොයා ගන්නා විටත් ඇය බොහෝ සෙයින් ප්‍රමාදය. අනුකම්පා විරහිත දේශපාලනික ක්‍රීඩාවේ ඉත්තෙකු ලෙසින් තමා භාවිත වූ බව ඇයට නොබෝ කලකින්ම වැටහී ගියේය. සෑම අතට අත දීමක් පසුපස පාවාදීමක්ද, සෑම සෙවණැල්ලක් මරණයද මඟ රකිමින් තිබුණේය. කාලයට එරෙහිව සටනක යෙදෙමින් තම දිවි රැක ගැනීමට ප්‍රබල වෑයමක නිරත වන එම වීරවරියගේ ත්‍රාසජනක වෘතාන්තයයි මේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.