Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මරණයේ ඔටුන්න

මරණයේ ඔටුන්න

ප්‍රවර්ග (Genre): Fantasy - ෆැන්ටසි
About this book

"ඉක්කෲටස් ගැලැඩියාස්...” ගැඹුරු හඬකින් මුමුනන ලද ලැඩාක්ස් මන්ත්‍රයක් ඇසිණි.

ඒ සමඟ ම, කුටියේ අඳුරුතම මුල්ලකින් වාතය අස්වාභාවික ලෙස රැළි නැගෙන්නට පටන් ගත්තේ ය. අවසන වාතය තුනී කඩදාසියක් මෙන් ඉරා දමමින් අඳුර විනිවිද, කළු ලෝගුවකින් මුහුණ සම්පූර්ණයෙන් ම ආවරණය කරගත්, උසැති පුද්ගලයකු හදිසියේ මතු විය. ඔහුගේ සිරුර වටා සීඩ්‍රන්ස් බල නාලිකා කිහිපයක් සර්පයින් මෙන් දගලමින්, අඳුරු තැඹිලි පැහැයක් විහිදුවමින් තිබිණි. ඔහු ක්‍රියාත්මක වූයේ විදුලි වේගයෙනි. සයිරස්ගේ අත තවමත් පළිගුව මත තිබිය දී ම ආගන්තුකයා ඉදිරියට පැන,

"ඉග්ඩෑඩස් හැමීඩස්...” යනුවෙන් මුමුනමින් පළිඟුව සයිරස්ගේ ග්‍රහණයෙන් උදුරා ගත්තේ ය. ඒ සමඟ ම සියුම් කම්පනයක් ද සමඟින් සයිරස් පසෙකට විසිවිණි.

ක්ෂණයකින්, පෙර කී ආගන්තුකයා කුටියේ අනෙක් අන්තයට පසුබැස, තේරුම්ගත නොහැකි, ගුප්ත මන්ත්‍රයක් මිමිනුවේ ය. තවත් සීඩ්‍රන්ස් නාලිකා කිහිපයක් ඔහුගේ සිරුර වටා මතු වී, අවකාශය විකෘති කරන්නාක් මෙන් දිස් විය. ඔහු බිහිසුණු හැඟීමකින් සිනාසෙනවාක් මෙන් හැඟීමක් සයිරස්ටත්, නයිරියාටත්, ගැලත් දැනිණි. ඊළඟ තත්පරයේ දී ඔහු පැමිණි සේ ම කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකර අභිරහස් ලෙස වාතය මධ්‍යයේ අතුරුදන් විය.

Details
ISBN
9786246523190
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මරණයේ ඔටුන්න

Reviews are published once a member of our team has read them.