මට ළඳුනි වරම් නැත
ආචාර්ය අජන්තා රණසිංහ තලම්මැහැර නම් වූ කුරුණෑගල දිසාවේ තම පියාගේ රමණීය ග්‍රාමයේ ඉපිද හැදී වැඩී පන්නල රජයේ පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ඉන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා සිය මවගේ ගම් පෙදෙස වන නුගේගොඩට පැමිනි ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගනුම ලැබීය.
ළමා වියේ සිට ලේඛන කලාව කෙරෙහි උනන්දුවක් දක්වමින් ඒ වෙත නැඹුරු වූ අජන්තා වෘත්තියෙන් මාධ්යවේදියෙකි. ලේක්හවුස් කර්තෘ මණ්ඩලයේ දිනමිණ පත්‍රයේ ස්වයට බැඳුණු ඔහු, පසුව නවයුගය ප්‍රධාන කර්තෘ පදවිය ද දැරිය.
ලේක් හවුසියේ වසර තිස්හතරක සේවා කාලය තුළ දී ඔහු ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, නේපාලය, ස්පාඥ්ඥය, මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ස්විට්සර්ලන්තය ආදී දේශයන්හි පැවති ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මන්ත්‍රණවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
පුවත්පත් කලාවට පරිබාහිරව ගීත නිබන්ධකයෙකු වශයෙන් ප්‍රකට අජන්තා, වර්ෂයේ විශිෂ්ට ගීත රචකයා වශයෙන් දිනා ඇති සම්මාන අතර ජනාධිපති, සරසවි, ඕ.සී. අයි.සී., රාජ්‍ය සාහිත්‍ය සම්මාන, රයිගම් හා සුමති මෙන්ම කුමාරතුංග මුණිදාස යන සම්මාන ද වන්නේය.
ඔහු අද යුගයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවයේ නිරතය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.