Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මතක මන්තර

මතක මන්තර

ප්‍රකාශක (Publisher): ගීමා ප්‍රකාශන - Geema Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

වලව් බිත්තියක් මත එල්ලෙන අනුලා කුමාරිහාමි ඉපැරණි සේයාරුව දෙසට නෙත් යා කළ මහලු සේවිකා ජුබිලිනා එයින් පසු මා දෙස බැලුවාය.

“ඒ කාලේ.. ඒ ඈත අතීතේදී. අනුලා කුමාරිහාමි සෙනෙහෙවන්ත කම් පැවේ නොගැලපෙන පිරිමියෙක්ට.. බණ්ඩාර අප්පෝ ඒ සම්බන්දෙටෙ කොහෙත්ම කැමති වුණේ නැහැ.අවසානේදී අනුලා කුමාරිහාමිගේ සෙනෙහෙවන්තයාව මරලා දාන්නේ බණ්ඩාර අප්පොමයි. ඒ වේදනාව දරාගන්න බැරි තැන අනුලා කුමාරිහාමි සියදිවි නසාගන්නවා. ඒ දවස්වල ඒ ඇත්තිගේ සොහොන පැත්තෙන් එක එක ඡායාවල් පේනවා වලව් වත්තෙ බෙහෙත් පැළැටි හොයන්න ආපු මිනිස්සු දැකලා තියෙනවා.. ඒ විතරක්ද.. පුරහඳ පායන සමහර හැන්දෑවල් වල ඒ ඇත්ති ඉකි ගගහ අඬන සද්දේ අපිට ඇහුනත්.''

ජුබිලිනා විසල් කරගත් දැසින් මදෙස බලමින් මවෙතට නැඹුරු වන්නේ රහසක් පවසන ඉඟිතයක් මවා පාමින්ය.

'නිවර්තනා කුමාරිහාමි ඉපදිචිච දවසේ ඉඳලම ඔය හැමදේම නැතුව ගියා. ඒ රූපෙමයි. ඒ හැසිරිමමයි. ඒක නිසයි හැමෝම කියන්න ගත්තේ. නිවර්තනා කුමාරිහාමි කියන්නේ වලව්වේ ඇත අතීතේ ඉපදිලා සියදිවි හානි කරගත්ත අනුලා කුමාරිහාමිගේ පුනරුප්පත්තිය කියලා.."

ජුබිලිනා දැඩි විශ්වාසයෙන් යුතුව පවසන්නීය. සැබැවින්ම මා අනුලා කුමාරිහාමිගේ පුනරුප්පත්තිය විද. ඒ බැව් මම නොදැන සිටියෙමි.

ISBN
9786245677146
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මතක මන්තර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.