මතක මන්තර
වලව් බිත්තියක් මත එල්ලෙන අනුලා කුමාරිහාමි ඉපැරණි සේයාරුව දෙසට නෙත් යා කළ මහලු සේවිකා ජුබිලිනා එයින් පසු මා දෙස බැලුවාය.
“ඒ කාලේ.. ඒ ඈත අතීතේදී. අනුලා කුමාරිහාමි සෙනෙහෙවන්ත කම් පැවේ නොගැලපෙන පිරිමියෙක්ට.. බණ්ඩාර අප්පෝ ඒ සම්බන්දෙටෙ කොහෙත්ම කැමති වුණේ නැහැ.අවසානේදී අනුලා කුමාරිහාමිගේ සෙනෙහෙවන්තයාව මරලා දාන්නේ බණ්ඩාර අප්පොමයි. ඒ වේදනාව දරාගන්න බැරි තැන අනුලා කුමාරිහාමි සියදිවි නසාගන්නවා. ඒ දවස්වල ඒ ඇත්තිගේ සොහොන පැත්තෙන් එක එක ඡායාවල් පේනවා වලව් වත්තෙ බෙහෙත් පැළැටි හොයන්න ආපු මිනිස්සු දැකලා තියෙනවා.. ඒ විතරක්ද.. පුරහඳ පායන සමහර හැන්දෑවල් වල ඒ ඇත්ති ඉකි ගගහ අඬන සද්දේ අපිට ඇහුනත්.''
ජුබිලිනා විසල් කරගත් දැසින් මදෙස බලමින් මවෙතට නැඹුරු වන්නේ රහසක් පවසන ඉඟිතයක් මවා පාමින්ය.
'නිවර්තනා කුමාරිහාමි ඉපදිචිච දවසේ ඉඳලම ඔය හැමදේම නැතුව ගියා. ඒ රූපෙමයි. ඒ හැසිරිමමයි. ඒක නිසයි හැමෝම කියන්න ගත්තේ. නිවර්තනා කුමාරිහාමි කියන්නේ වලව්වේ ඇත අතීතේ ඉපදිලා සියදිවි හානි කරගත්ත අනුලා කුමාරිහාමිගේ පුනරුප්පත්තිය කියලා.."
ජුබිලිනා දැඩි විශ්වාසයෙන් යුතුව පවසන්නීය. සැබැවින්ම මා අනුලා කුමාරිහාමිගේ පුනරුප්පත්තිය විද. ඒ බැව් මම නොදැන සිටියෙමි.
| Author | ගිම්හානි වාසනා - Gimhani Wasana (26) |
|---|---|
| Publisher | ගීමා ප්‍රකාශන - Geema Prakashana (18) |
| ISBN | 9786245677146 |
|---|---|
| පිටු ගණන | 328 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




