මතකය අමතක වූ මිනිසා
ගමේ විසූ සියලු ගුණ යහපත් බිරින්දෑවරුන් අතර ඔහු මහත් සේ ප්‍රිය කරනු ලැබූ පුද්ගලයකු වූ බවට කිසිදු සැකයක් නැත. ඔහු සුපුරුදු ලෙස ගමේ සිටි බිරින්දෑවරුන්ගේ ගෙදර දොරේ අඬ දබර සියල්ලට මැදිහත් වී විසඳුම් සොයනු පිණිස කටයුතු කළ අතර ඒ කාන්තාවෝ සැඳැකාලවලදී පවත්වන තමන් ගේ ඕපා දූප කතා බහේ දී සියලු වරද වෑන් වින්කල් නෝනා මත පැටවීමට කිසිදු අවස්ථාවක පසුබට නො වූහ. ඔහු කවර විටෙක හෝ පැමිණෙන බව දකින ගමේ දරුවෝ සතුටින් ඉපිලී කැගෑ හ. ඔවුන් ගේ ක්‍රීඩාවල දී ඔහු උදවු කළේ ය. ඔවුන් ගේ කෙළිබඬු තනා දුන්නේ ය; ළමයින් හට සරුංගල් යවන අන්දම උගැන්වූ ඔහු ඇටබෝල සෙල්ලම ද උගැන්වූ අතර ඔහු ළමයින් හට අවතාර පිළිබඳ ව ද, මන්තරකාරියන් පිළිබඳ ව ද, රතු ඉන්දියානුවන් පිළිබඳ ව ද දීර්ඝ වූ කථන්තර කියා දුන්නේ ය. ඔහු ගම්මානයේ සැරිසැරූ කවර විටෙක වුව ද එවන් දරු පිරිසක් විසින් ඔහු වටකැර ගත්තේ ය. ඔවුන් ගෙත් ඇතැමෙක් ඔහු ගේ කබා වාටියේ එල්ලී සිටිය හ; ඇතැමෙක් ඔහු ගේ පිට මතට අමාරුවෙන් නැග ගත් හ; ඇතැමෙක් දඬුවම් ලබා ම ඔහුට බොහෝ දගකාරකම් කළ හ. අවට මුළු පෙදෙස පුරා සැරි සරද්දී ඔහුට බල්ලකු පවා බුරා පැන්නේ නැත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.