Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මතු ආත්මයේදී

මතු ආත්මයේදී

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වැළිහිඳ මුනිරත්න පරිසරයට උචිත වනසේ චරිත හසුරුවමින් රසවත් කතා ලියිය හැකි හොඳ ලේඛකයෙකි. ඔහු මීට පෙර පළ කළ පොත් කීපයකින්ම ඒ බව පැහැදිලි විය. ආකල්පයට වහල් නොවී රසවාදයට හුරුවූ දෘෂ්ටිය ඇත්තකු මෙන් ඔහු නවකතා කීපයක් ම ලීවේ ය. ඔහු ස්වෝත්සාහයෙන් නිර්මාණය කළ චරිතයන් ලවා කතාවක් ගොතන්නේ ලේඛන කලාව පරිචයෙන් උගත්තකු මෙනි.

මුනිරත්නගේ නිර්මාණයක් වූ "මතු ආත්මයේදී" ලේඛකයකු වශයෙන් ඔහු ලැබූ ක්‍රමික දියුණුව වඩාත් මැනවින් හෙළිකරයි. මේ පොත මුනිරත්න විසින් ඇල්මෙන් වැඩූ සාහිත්‍ය වෘක්ෂයේ පිපි මුදුන්මල වශයෙන් හැඳින්වීම නිවැරදිය. ස්වාධීන ශෛලිය සහ සංවිධානය කළ බස් වහර නිසා පොතින් හෙළි කෙරෙන චරිතයෙන් වඩාත් බැබළෙති.

"මතු ආත්මයේදී" පාඨකයින්ගේ චිත්තාවේගය සඳහා පමණක් නොව ප්‍රකෘති පැවැත්ම නොසිඳිමින් ව්‍යක්ත ලෙස චරිත නිරූපණය කර ඇති පොතකි.

ප්‍රේමය ප්‍රවේණි උරුමයක් කොට ජීවිතය සංවිධානය කළ තරුණ යුවළකගේ ඛේදජනක ඉරණම මෙහි ඉතා චමත්කාරයෙන් විවරණය වේ. මනහර ලෙස කතාව ඉදිරිපත් කර ඇත.

මේ පොතින් වැලිහිඳ මුනිරත්න සාහිත්‍ය ක්ෂේත්‍රයට අලුත් බීජු වටක් ඉස ඇති අතර තම ප්‍රතිභාවද කුසලතාවද මැනවින් දක්වා තිබේ.

ISBN
9789553089090
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මතු ආත්මයේදී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.